Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම් සුපිරි අට දෙනාගේ වටයට

ශ්‍රී ලංකා කණ්ඩායම් සුපිරි අට දෙනාගේ වටයට

ශානුක අරවින්ද - 2019 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ කටක් ප්‍රාන්තයේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේ සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සමත් විය.

පිරිමි කණ්ඩායමේ ඉසව්වේ මූලික වටයේදී එංගලන්තය හමුවේ තරග 3-0 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, සයිප්‍රසයට එරෙහිව තරග 3-2 ක තියුණු ජයක් වාර්තා කරමින් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්හ.

සුපිරි අට දෙනාගේ වටයටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද (18 වැනිදා) රාත්‍රියේදී ඉන්දියාවට, මැලේසියාවට සහ වේල්සයට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියි.  

කාන්තා කණ්ඩායමේ ඉසව්වේ මූලික වටයේදී ඉන්දියාව හමුවේ තරග 3-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ එහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 3-0 ක ජයක් වාර්තා කරමිනි.

සුපිරි අට දෙනාගේ වටයටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (18 වැනිදා) රාත්‍රියේදී සිංගප්පූරුවට, එංගලන්තයට සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියි. 

පිරිමි තරග ප්‍රතිඵල

එංගලන්තය විසින් තරග 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.

  • මැක්බීත් ඬේවිඞ් විසින් වට 3-0 ක් ලෙස රොහාන් සිරිසේන පරාජය කරන ලදි. (11/5, 11/9, 11/3)

  • වෝක්නර් සැමුවෙල් විසින් වට 3-0 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කරන ලදි. (11/9, 11/7, 11/6)

  • ජාවිස් තෝමස් විසින් වට 3-0 ක් ලෙස නිර්මල ජයසිංහ පරාජය කරන ලදි. (11/2, 11/8, 11/6)

ශ්‍රී ලංකාව විසින් තරග 3-2 කින් සයිප්‍රසය පරාජය කරන ලදී.

  • රොහාන් සිරිසේන විසින් වට 3-2 ක් ලෙස යින්ගොයූ යෑන්ගූස් පරාජය කරන ලදි. (9/11, 12/10, 11/8, 13/15, 11/5)

  • යෑන්ගෝ මාරියස් විසින් වට 3-1 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කරන ලදි. (11/9, 4/11, 11/2, 9/11)

  • නිර්මල ජයසිංහ විසින් වට 3-1 ක් ලෙස එලියා ලොසිෆ් පරාජය කරන ලදි. (11/7, 17/15, 4/11, 11/7)

  • යෑන්ගෝ මාරියස් විසින් වට 3-0 ක් ලෙස රොහාන් සිරිසේන පරාජය කරන ලදි. (13/11, 11/3, 11/5)

  • ක්‍රිෂාන් වික්‍රමරත්න විසින් වට 3-1 ක් ලෙස යින්ගොයූ යෑන්ගූස් පරාජය කරන ලදි. (14/16, 11/7, 11/8, 11/6)

කාන්තා තරග ප්‍රතිඵල

ඉන්දියාව විසින් තරග 3-0 කින් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.

  • මානිකා බට්‍රා විසින් වට 3-0 ක් ලෙස බිමන්දි බණ්ඩාර පරාජය කරන ලදි. (11/5, 11/4, 11/5)

  • අර්චනා ගිරිෂ් විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි පරාජය කරන ලදි. (11/5, 11/5, 12/10)

  • අහිකා මුකර්ජී විසින් වට 3-0 ක් ලෙස චමත්සරා ප්‍රනාන්දු පරාජය කරන ලදි. (11/3, 11/3, 8/11, 11/4)

ශ්‍රී ලංකාව විසින් තරග 3-0 කින් දකුණු අප්‍රිකාව පරාජය කරන ලදී.

  • ඉෂාරා මධුරංගි විසින් වට 3-0 ක් ලෙස සිමේන් මූක්‍ර පරාජය කරන ලදි. (11/8, 15/13, 11/9)

  • බිමන්දි බණ්ඩාර විසින් වට 3-1 ක් ලෙස දනීෂා පටේල් පරාජය කරන ලදි. (13/11, 9/11, 11/2, 11/6)

  • චමත්සරා ප්‍රනාන්දු විසින් වට 3-0 ක් ලෙස පලීසා මශෝලිබ් පරාජය කරන ලදි. (11/9, 12/10, 11/8) 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම් සුපිරි අට දෙනාගේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.