Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව මියන්මාරය පරදවයි

ශ්‍රී ලංකාව මියන්මාරය පරදවයි

නාමල් පතිරගේ - 2019 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක මියන්මාරය වට 3-1 කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකාව තෙවැනි ආසියානු වයස 23 න් පහළ වොලිබෝල් (පිරිමි) තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය අද (4) වාර්තා කළේය. මෙම තරගයේදී ලකුණු 18/25, 28/26, 25/19, 25/14 ක් පරිදි මියන්මාරය පරාජය කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. එහිදී පළමු වටය පරාජයට පත්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම නැවත නැගී සිටිමින් පිට පිටම සෙසු වට තුනම ජයගැනීමට සමත් වූයේය.

මෙම තරගාවලිය රටවල් 16 ක සහභාගිත්වයෙන් මෙම 11 වැනිදා දක්වා පැවැත්වේ. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලියේ පියවරක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

ඒ අනුව හෙට (5) මුණගැසෙන හොංකොං දේශය පරාජය පත් කිරීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවක් හිමිව තිබේ. කෙසේ වුවත් මෙම අවස්ථාව උදා වන්නේ අද පැවැත්වෙන තරගයේදී මියන්මාරය විසින් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කළහොත් පමණි.

මේ අතර තරගාවලිය ආරම්භ වූ පෙරේදා ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් ඕස්ට්‍රේලියාවට වට 3-0 කින් පරාජය විය. ඒ ලකුණු 29-27, 25-17, 25-14 ක් පරිදිය.

පසුගිය තරගාවලියේදී (2017) ශ්‍රී ලංකාව සහභාගී වූ තරග සියල්ලෙන්ම පරාජයට පත්ව තිබේ. එහිදී උස්බෙකිස්ථානය මුණගැසුණු තරග අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකාව පරාජයට පත්වූයේ කණ්ඩායම් 11 ක් අතරින් 10 වැනි ස්ථානයට පත්වීමෙනි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව මියන්මාරය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.