Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්සටපෙන් දෙවැනි තැනට පනී

වර්සටපෙන් දෙවැනි තැනට පනී

editorial - 2020 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී ඉකුත් ඉරිදා (9 වැනිදා) පැවැති 70 වැනි සංවත්සර ගෝන් ප්‍රී තරගයේ පළමු අදියර ජයගැනීමට රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපෙන් සමත් විය. වට 52 කින් සමන්විත වූ සමස්ත තරගය නිමා කිරීම සඳහා වර්ස්ටපෙන්ට ගතවූ කාලය පැය 1 යි, විනාඩි 19 යි, තත්පර 41.993 කි.

මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 25 ක් ලබාගත් වර්ස්ටපෙන්, මුලු ලකුණු 77 ක් ලබා ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් විය.

සුදුසුකම් ලැබීමේ අදියරේ එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි, තත්පර 26.176 ක අවම කාලයක් වාර්තා කිරීම හේතුවෙන් සිවුවැනි ස්ථානයේ සිට ගොන් ප්‍රී තරගය ආරම්භ කළ වර්ස්ටපෙන්, තරගය තුළදී වටයක් නිමා කිරීමට සඳහා වැය කළ අවම කාලය විනාඩි 1 යි, තත්පර 29.465 කි.

වර්ස්ටපෙන් වඩා තත්පර 11.326 ක් පසුපසින් තරගය නිමා කළ මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් සහ තත්පර 19.231 ක් පසුපසින් තරගය නිමා කළ එම කණ්ඩායමේම වෙල්ටරි බොටාස් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ. බොටාස් ඉදිරි පෙළ ආරම්භක ස්ථානයේ සිටද, හැමිල්ටන් දෙවැනි ස්ථානයේ සිටද තරගය ආරම්භ කළහ.

මෙම තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් හැමිල්ටන්ට ලකුණු 19 ක් හිමිවූ අතර තරග 5 කින් අනතුරුව මුලු ලකුණු 107 ක් ලබා සිටින ඔහු තවදුරටත් රියැදුරු ශ්‍රේණිගත කිරීම්හි අතරේ පෙරමුණේ රැදී සිටියි. මෙම තරගයේදී ලබාගත් ලකුණු 15 ත් සමග මුලු ලකුණු ලකුණු 73 ක් හිමිකර ගැනීමට බොටාස් සමත් වූවද, ඔහුට රියැදුරු ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත.

කෙසේ වුවත් හැමිල්ටන් සහ බොටාස් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම මේ වන විට ලකුණු 180 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටියි. රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම ලකුණු 113 ක් සමග එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර ෆෙරාරි කණ්ඩායම ලකුණු 55 ක් සමග තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

මේ වසරේ (2020) ෆෝමියුලා-I තරග මාලාවේ පස්වැනි ගෝන් ප්‍රී තරගය මෙන්ම මෙම වසර තුළ සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී පැවැති දෙවැනි ගෝන් ප්‍රී තරගයද මෙය විය.


තරග ප්‍රතිඵල
1 මැක්ස් වර්ස්ටපෙන් (රෙඞ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:19:41.993
2 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - පැය 1:19:53.319
3 වෙල්ටරි බොටාස් (මර්සිඩීස්) - පැය 1:20:01.224
4 චාස්ල් ලැක්ලර්ක් (ෆෙරාරි) - පැය 1:20:11.282
5 ඇලෙක්සැන්ඩර් ඇල්බෝන් (රෙඞ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:20:21.139
6 ලාන්ස් ස්ට්‍රෝල් (රේසිං පොයින්ට් මර්සිඩීස්) - පැය 1:20:24.531
7 නිකෝ හල්කෙන්බර්ග් (රේසිං පොයින්ට් මර්සිඩීස්) - පැය 1:20:37.944
8 එස්ටබන් ඕකන් (රෙනෝල්ට්) - පැය 1:20:46.766
9 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් රෙනෝල්ට්) - පැය 1:20:47.537
10 ඩැනිල් ක්වැට් (ඇල්ෆා හොණ්ඩා) - පැය 1:20:51.662

-036

 


අදහස් (0)

වර්සටපෙන් දෙවැනි තැනට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.