Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙසීට මාස 3 ක තරග තහනමක්

මෙසීට මාස 3 ක තරග තහනමක්

editorial - 2019 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට මාස 3 ක තරග තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 50,000 දඩ මුදලක් පැනවීමට දකුණු ඇමෙරිකානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඊට ආසන්නම හේතුව වී ඇත්තේ නිමාවූ කෝපා ඇමෙරිකානු පාපන්දු තරගාවලියේදී දකුණු ඇමෙරිකානු පාපන්දු සම්මේලය (කොන්මෙබොල්) විවේචනය කිරීම හේතුවෙනි.

පසුගිය මස කෝපා ඇමෙරිකානු පාපන්දු තරගාවලිය අවසන්වූ අතර චිලී කණ්ඩායමට එරෙහිව තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ලයනල් මෙසී කීවේ දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය දූෂිත බවයි.

පසුගිය ජුනි සහ ජූලි මාසයන්හිදී සිදුවූ සිදුවීම් දෙකකින්ද මෙසී දැඩිලෙස කෝපයට පත්ව සිටියේය.

බ්‍රසීලයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ආජන්ටිනාව ඉල්ලා සිටි දඩුවම් පහර දෙකක් ලබානොදීම හේතුවෙන් මෙසී කොන්මෙබොල් වෙත සිය අප්‍රසාදය පළකර සිටියේය. ඉන්පසුව පැවැති තරගය 2-1 ක් ලෙස ආජන්ටිනාව ජයගත්තද මෙසීගේ ක්‍රෝධය පහව නොගියේය.

විනිසුරුවන් දූෂණ කටයුතු වලට සම්බන්ධවීම හේතුවෙන් මිනිස්සුන්ට පාපන්දු ක්‍රීඩාවෙන් විනෝද වීමට තිබෙන අවස්ථාව අහිමිව යන බවත් ඔවුන් ක්‍රීඩාව විනාශ කරන බවත් මෙසී වැඩිදුරටත් පවසා ඇත.

මෙසීට දඩුවම් පැණවීමට හේතුව කොන්මෙබොල් නිල වෙබ් පිටුවේ සඳහන්ව නොතිබුනත් විනය පිළිබඳව රෙගුලාසී වලට අනුව 7.1 සහ 7.2 වගන්ති උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔහුට දඩුවම් ලබාදීමට සිදුවූ බව එහි සටහන්ව තිබිණ. එහිදී විනය පිළිබඳව රෙගුලාසී වලට ඕනෑම ආකාරයක අපහාස කිරීමක්, විරෝධතා පළ කිරීමක් සහ පාපන්දු සම්මේලනයේ තීරණ, නිලධාරීන් විවේචනය කිරීම ඇතුළත් වේ.

සුහද තරග මඟහැරුණද ලබන මාර්තු මාසයේදී කටාර්හිදී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ දකුණු ඇමෙරිකානු තරගාවලියට සහභාගිවීමට ඔහුට අවස්ථාව හිමිවේ.
මේ අනුව සැප්තැම්බර් මාසයේදී චිලී සහ මෙක්සිකෝ කණ්ඩායම් වලට එරෙහිව සුහද තරග 2 ක් සහ සහ ඔක්තෝබර් මාසයේදී ජර්මනියට එරෙහිවද සුහද තරගයක් මෙසීට අහිමිව යනු ඇත.

මෙම සුහද තරග 3 ඔහුට මඟහැරී ගියද ලබන නොවැම්බර් මාසයේ සිට ඔහුට සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ හැකියාව හිමිවනු ඇත.

...


අදහස් (0)

මෙසීට මාස 3 ක තරග තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.