Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ්‍රාබෙක් ඩකාර් රැළියේ යතුරුපැදි ශූරතාව දිනයි

බ්‍රාබෙක් ඩකාර් රැළියේ යතුරුපැදි ශූරතාව දිනයි

editorial - 2020 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සවුදි අරාබියේදී පැවැති 2020 ඩකාර් රැළියේ යතුරුපැදි ශූරතාව දිනාගැනීමට පැය 40:02:36 කින් එහි අදියර 12 නිමා කළ ඇමරිකා එක්සත් ජනපදයේ රිකී බ්‍රාබෙක් සමත් විය. රැළියේ අවසන් අදියරේ දෙවැනියා බවට පත් වූ බ්‍රාබෙක්, ඩකාර් රැළියක සමස්ත ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

මොන්ස්ටර් එනර්ජි හොණ්ඩා කණ්ඩායම නියෝජනය කරමින් මෙවර ඩකාර් රැළියට එක්වූ 28 හැවිරිදි බ්‍රාබෙක්, ෆැක්ට්‍රරි සී.ආර්.එෆ්. 450 මාදිලියේ යතුරුපැදියක් භාවිතා කරමින් තරග වැදිණ. ඔහුගේ මෙම ජයග්‍රහණයත් සමගින් වසර 31 කට පසුව ඩකාර් රැළියක් ජයගැනීමට හොණ්ඩා කණ්ඩායමට හැකි වූ අතර අවසන් වරට හොණ්ඩා කණ්ඩායමක් ඩකාර් රැළිය ජයගෙන තිබුණේ 1989 වසරේදීය.

මෙවර ඩකාර් රැළියේ අදියර 12 න් 4 කම ජය තමන් සතුකර ගනිමින් බ්‍රාබෙක්, සමස්ත රැළියේ ජයගත් අතර ඔහුගේ කණ්ඩායම් සගයන් වූ ජොස් ඉග්නැසිකෝ (පැය 40:34:19) සිවුවැනියා ලෙසත්, ජෝන් බරේඩා (පැය 40:53:33) හත්වැනියා ලෙසත් රැළියේ අදියර 12 නිමා කළහ.

රැළිය නිමා කළ පළමු යතුරුපැදිකරුවන් දස දෙනා

1 රිකී බ්‍රාබෙක් (ඇමරිකාව) - පැය 40:02:36
2 පැබ්ලෝ ක්වින්ටැනිලා (චිලී රාජ්‍යය) - පැය 40:19:02
3 ටොබි ප්‍රයිස් (ඕස්ට්‍රේලියාව) - පැය 40:26:42
4 ජොස් ඉග්නැසිකෝ (චිලී රාජ්‍යය) - පැය 40:34:19
5 මැතියස් වෝක්නර් (ඔස්ට්‍රියාව) - පැය 40:37:36
6 ලුසියානෝ බෙනවිඞ්ස් (ආජන්ටිනාව) - පැය 40:40:10
7 ජෝන් බරේඩා (ස්පාඤ්ඤය) - පැය 40:53:33
8 ෆ්‍රැන්ස්කෝ සයිමි (ආජන්ටිනාව) - පැය 41:45:11
9 ස්කිලර් හෝව්ස් (ඇමරිකාව) - පැය 42:06:37
10 ඇන්ඩෘ ෂෝට් (ඇමරිකාව) - පැය 42:13:16

 

 

 

-036

 


අදහස් (0)

බ්‍රාබෙක් ඩකාර් රැළියේ යතුරුපැදි ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.