Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානු සංචාරය හොඳ පරීක්‍ෂණයක්

පාකිස්තානු සංචාරය හොඳ පරීක්‍ෂණයක්

editorial - 2019 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සිය පුහුණුකරු ආකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ හොඳම කණ්ඩායම් අතර ඉහළ ස්ථානයක් කරා රැගෙන ඒමේ අභිලාශයෙන් එවන් සැළසුමක් ක්‍රියාවට නැංවිය හැකි ප්‍රධාන පුද්ගලයන් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකා පුහුණු කාර්යමණ්ඩලයට ඇතුළත් කෙරිණ.

ජෙරම් ජයරත්න ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරීවරයා ලෙසින්ද, මිකී ආතර් උපදේශක පුහුණුකරු ලෙසින් පත්කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. ජාත්‍යන්තර අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන මිකී ආතර් මීට පෙර දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය යන කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇත. ශ්‍රී ලංකාව සමග ඇති මිකී ආතර්ගේ වසර දෙකක කොන්ත්‍රාත්තුව පාකිස්ථානු පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ආරම්භ වීමට නියමිතය.

සිය ගිවිසුමට අත්සන් කිරීමෙන් දින දෙකකට පසුව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත සමගින් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් තමන් ශ්‍රී ලංකාවේ පුහුණුකරු වූයේ ඇයි?, කණ්ඩායම සඳහා වන ඔහුගේ සැළසුම්, සංස්කෘතියට සම්බන්ධ වීමේ ඇති වැදගත්කම මෙන්ම, කණ්ඩායමේ සාර්ථකත්වය සඳහා අවශ්‍යයෙන්ම පැවැතිය යුතු පුහුණුකරුවා සහ නායකයා අතර ඇති බැඳීම යනාදිය සම්බන්ධයෙන් සිය සිතිවිලි හෙළිදරව් කළේය.

මිකී ආතර් මහතා සමග පැවැති සංවාදයේ පළමු කොටස මෙසේ දිග හැරෙයි

ප්‍රශ්නය: ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියක් උසුළන්නේ “සේවයට බඳවාගෙන-එළවා දැමීමේ” ප්‍රතිපත්තියක් සඳහායි. අවසන් පුහුණුකරුවන් දෙදෙනාටම සිය කොන්ත්‍රාත්තුව අතරමැදදී පිටව යාමට සිදුවූවා. ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගිවිසුමකට එළඹීමට ඔබ තීරණය කිරීමේදී එය ඔබට කොතරම් ලොකු කණස්සල්ලක් වුණාද?

● අනික් ජාත්‍යන්තර පුහුණුකරුවන් ලබපු අත්දැකීම් මොනවද කියන්න මම දන්නේ නැහැ. මම මෙහාට ඇවිත් ඒක බාරගන්න තීරණය කළේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන මම විශ්වාස කරන නිසයි.

ක්‍රීඩාපිටියෙන් පිටතදී සිද්ධ වුණු දේවල් පැත්තකින් තිබ්බොත්, ක්‍රීඩකයන් උත්තේජනය කරන්න මම රැගෙන ආවේ මොනවද? කියන දේ ගැන මම දන්නවා. ඔවුන්ව හොඳ ක්‍රීඩකයන් කිරීමට මට හැකිවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දවසක මම මෙහෙන් යද්දි, ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඔවුන්ගේ උපරිමයට ඇවිත් ඉඳීවි වගේම ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ලෝකයේ හොඳම ක්‍රීඩකයන් බවට පත්ව ඉඳීවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම යම් පමණකින් ඔවුන්ගේ රටේදී සාර්ථක වෙලා තියෙනවා..., ඒත් අපට ඕනේ පිටතදීත් සාර්ථක වෙන්නයි. අවසානයේදී අප ඒ තත්ත්වයට ළඟා වුණොත්, මම ගොඩාක් සතුටින් මෙහෙන් යාවි

 

ප්‍රශ්නය: ඒ කියන්නේ මේ ‘සේවයට බඳවාගෙන - එළවා දැමීමේ’ ප්‍රතිපත්තිය ගැන විශේෂ අවධානයක් යොමු කරන්නේ නැද්ද?

● ඒක තමා අපි ජීවත් වෙන ලෝකය.
ගොඩාක් වෙලාවට පුහුණුකරුවන්ට හොඳ කාල රාමුවක් ලැබෙනවා. ඒත් අවාසනාවකට වගේ දක්ෂතා හොඳ නැති වුණාම ඔවුන්ව ඉවත් කෙරෙනවා. ඒක තමයි මේ රැකියාවේ ස්වභාවය. ඔබ ඉංග්‍රීසි පාපන්දු ක්‍රීඩාව දිහා බලන්න. පාපන්දු ක්‍රීඩකයෝ වගේම පුහුණුකරුවොත් එනවා යනවා. මේක බාර අරගෙන විශේෂ වෙනස්කමක් කරන්න මට පුලුවන් කියලා මම හිතනවා. එහෙම විශේෂ වෙනසක් කරන්න මට පුළුවන් වුණොත් එය ක්‍රීඩකයාට උදවුවක් වේවි..... එවිට මම ගොඩාක් සතුටු වේවි.

 

ප්‍රශ්නය: ඔබට කලින් හිටපු අය මුහුණ දීපු ඉරණමටම ඔබට මුහුණ දීමට සිදුනොවන බවට ඔබට ඔබේ සේවායෝජකයාගෙන් මොන විදිහේ සහතිකයක්ද ලැබුණේ?
● අපි කතා බහ කළා. මම කියන්නේ පැහැදිලිව කොන්ත්‍රාත්තුව ලැබුණා.
පළමුවෙන්ම සහ ප්‍රධාන වශයෙන්ම කණ්ඩායම ඉහළට කළමනාකරණය කිරීමට වගේම කණ්ඩායම මට වුවමනා කරන දිශාවට රැගෙන යාමට මට හැකියි කියන දේ ගැන විධායක නිලධාරීන් තුළ විශ්වාසයක් ඇති කිරීමට මට හැකිවුණා. ක්‍රීඩකයන්ගෙන් හොඳම දේ ගන්න, තමන් අත්පත් කරගත යුතු දිශාව ගැන ක්‍රීඩකයන් දැන සිටින බව තහවුරු කරගන්න සහ ඉහළ කාර්යසාධන පද්ධතියකින් ඇති කරන්නේ කුමක්ද, විශිෂ්ටත්වයක් මත පදනම් වූ කණ්ඩායමක් ඇති කරන්නේ කොහොමද? යන කාරණා කළමනාකරණය කිරීමට මට පුළුවන්. අපට එම ක්‍රීඩකයන් නිතර නිතර එම පුරුදුවලට සම්බන්ධ කරගත හැකි වුණාම, ඒ හරහා අපට වඩාත් හොඳ සාර්ථකත්වයක් ලබාගැනීමට පුලුවන් වේවි.

 

ප්‍රශ්නය: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඔබේ රැකියාව පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට පෙර ඔබ අවධානය යොමු කළ අනෙක් කරුණු මොනවාද?
● අවංකව කිව්වොත්, මට අවධානයක් යොමු කරන්න ගොඩාක් දේවල් තිබ්බේ නැහැ. මගේ ජාත්‍යන්තර වෘත්තියේ අවසන් නොකළ වැඩක් තියෙනවා කියන හැඟීමක් මට තිබ්බා.
මම ජාත්‍යන්තර කණ්ඩායම් තුනක් පුහුණු කරලා තියෙනවා. ඒ හැම කණ්ඩායමක් ගැනම මට හැඟීමක් තිබ්බා. ඒ කණ්ඩායම්වලට මම සුවිශේෂී බලපෑමක් කළා. මෙහාටත් ඇවිත් ඒ බලපෑම ඇති කරන්න පුලුවන් කියලා මම දන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට යැවීමේ වාසනාවට සුවිශේෂී වෙනස්කමක් මට කරන්න පුලුවන් කියන මතයේ මම ඉන්නවා.

 

ප්‍රශ්නය: ශ්‍රී ලංකා කණ්ඩායම වසර පහකට ආසන්න කාලයක් තිස්සේ මේ ගැටළුව නිරාකරණය කරගැනීමට උත්සාහ දරමින් ඉන්නවා. ඔබ කණ්ඩායම භාරගන්නේ මේ අර්බුදය අතරතුරේදීයි. අපි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී හොඳින් ක්‍රීඩා කළත්, සීමිත ඕවර ක්‍රිකට් තරගවලදී අපේ වාර්තා ගොඩාක් පහළින් තියෙන්නේ. සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ඔබේ සැළසුම් මොනවද?
● සමහරු කියන්න පුළුවන් කණ්ඩායම භාරගන්න මේක තමයි හොඳම කාලය කියලා... මොකද ඔබ දන්නවා, ඔබට පුලුවන් කණ්ඩායම බර අරගෙන, ගොඩනගලා, ඔවුන්ව ඉදිරියට රැගෙන ගොස් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරවීමට පමණයි. ඉතින්, මට කිසිම දෙයක් ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ.

මට වැඩ කරන්න වෙන සංචිතය ගැන මම බලනවා. මම පාකිස්ථාන තරගාවලිය හොඳින් නිරීක්ෂණය කරනවා. ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාවය සහ ගැඹුර දැක ගැනීමට පුළුවන්. ඒක හොඳ දෙයක්.

මම ඔවුන් ඕස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කරන විදිහ දැක්කා. ඒ නිසා එම කොන්දේසි යටතේ වැඩ කළ යුතු බව පැහැදිලියි. ඒත් මම තාමත් විවෘතභාවය ගැන මෙන්ම හැකියාවන් ගැනත් උනන්දුයි. ඒක තමයි ජයග්‍රාහී කාඞ්පත වෙන්නේ.

 

ප්‍රශ්නය: ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඔබේ පළමු හැඟීම මොකක්ද?
● මේ සියල්ලක්ම ඉතා හොඳ වගේම ධනාත්මකයි. මම යථාර්ථවාදියෙක්. දේවල් වෙනස් කරන්න පුලුවන් කියලා මම දන්නවා. ඉහළ කාර්යසාධන ව්‍යූහය තුළ ඈෂ්ලි (ද සිල්වා) සහ ජෙරම් (ජයරත්න) සකස් කර තිබූ ආකෘතීන් මගේ සිත් ගත්තා.

අද තිබුණු පුහුණුවීම් මගේ සිත් ගත්තා. ක්‍රීඩකයන්ව පළමු වරට හමුවූ වීම මගේ සිත් ගත්තා. ඔවුන් සියලු දෙනාම මාව පුදුමයට පත්කළා. ඔවුන් සියලු දෙනාම අරුම පුදුම මිනිස්සු ටිකක් වගේම, එහෙම දැනීමත් හොඳ දෙයක්. ඉතින් මේ අවස්ථාවේදී මම ගොඩාක් සතුටින් ඉන්නේ.

 

ප්‍රශ්නය: ඉහළ නැගීම් සහ පහළ බැසීම් සමගින් ඔබට සාර්ථක වෘත්තීය ජීවිතයක් තියෙනවා. පසුගිය දශකයේදී ඔබේ ආරම්භයත් එක්ක සංසන්දනය කරන කොට ඔබේ වර්ථමාන රැකියාව ගැන ඔබ සිතන්නේ කොහොමද?
● මම පුහුණුකරු ජීවිතය ආරම්භ කළේ දකුණු අප්‍රිකාවෙන්. එතකොට මම ගොඩාක් තරුණයි. ඒ වගේම ග්‍රේම් ස්මිත් ඒ වෙනකොට තරුණ නායකයෙක්, මම තරුණ පුහුණුකරුවෙක්. අවසානයේදී අපට තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලැබුණා වගේම යමක් කරගෙන යන විට තමයි දේවල් ඉගෙන ගත්තේ. ඒත් ගොඩාක් හොඳ කණ්ඩායමක් බවට පත්වුණා. ඒ හරහා මට පුහුණුකරු වෘත්තිය ගැන බොහෝ දේවල් ඉගෙන ගැනීමට ලැබුණා.
ඒ කාලයේදී ඕස්ටේ්‍රලියාව ප්‍රබල කණ්ඩායමක්. මිනිස්සු මගේ තරග දිනීමේ - පැරැදීමේ අනුපාතය අමතක කළා. ඒවා ඕස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තාම තවමත් හොඳයි. ඒක සිද්ධ වුණේ ඉන්දියාවේදී පැවැත්වුනු ටෙස්ට් තරගාවලියකදී... ඔබ දන්නවා... අවසානයේදී අපි ඒක නරක විදිහට පරාජයට පත්වුණා. ඒ හරුණාම ප්‍රතිඵල අනුව ගත්තාම අපි හොඳ තැනක හිටියා. ඒක දුෂ්කර කාලයක්. ඒත් ඒ කාලයේදී මම මගේ ගැන වගේම පුහුණුකරු වෘත්තිය ගැනත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
ඊළඟට, පාකිස්ථානය හරිම අපූරුයි. පාකිස්ථානයේ පුහුණුකරු වෙලා හිටපු අවුරුදු 3 ක කාලයට මම ආදරෙයි. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතියක්. ඒක එකට එකතු වෙලා තරග කරපු සහ එකිනෙකා වෙනුවෙන් තරග වැදීමට වුවමනා වෙලා තිබුණ තරුණ කොල්ලන්ගේ කණ්ඩායමක්. මම පකිස්ථානයෙන් පිටවෙලා ගියේ උරුමයක් තියෙනවා කියලා දැන දැනමයි. අපි පාකිස්ථානය ක්‍රිකට් දිහා බලන්නේ කොහොමද? කියන එක ගැන සුවිශේෂී වෙනසක් සිදුකළා. ඒ වගේම මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. දැන් මට ඕනේ ශ්‍රී ලංකාව සමගත් ඒ විදිහේ දෙයක් කරන්නයි.
 


අදහස් (0)

පාකිස්තානු සංචාරය හොඳ පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.