Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් පාකිස්තානයට යන්න බෑ කියති

ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් පාකිස්තානයට යන්න බෑ කියති

යොහාන් භාසුර - 2019 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A



පාකිස්තානයේදී මේ මස 27 වැනිදා ආරම්භ වන තරග සංචාරයට සහභාගි වීම ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන ක්‍රීඩකයන් රැසක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ ක්‍රීඩකයන් අතර විශේෂ හමුවක් අද (09) පැවැත්වීමට නියමිතව තිබුණි.

එක්දින පිලේ නායක දිමුත් කරුණාරත්න, විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සංචාරයට සහභාගි නොවන බවට ප්‍රකාශ කළ ක්‍රීඩකයන් අතර සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පිලේ ප්‍රබල ක්‍රීඩකයකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ක්‍රීඩකයන් රැසක් පාකිස්තානු සංචාරය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

“අපි කාටවත් පාකිස්තානු යන්නෙ නෑ කියලා ලිඛිතව දැනුම් දීමක් කරලා නෑ. තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහත්මයා ක්‍රීඩකයන්ගෙන් විමසීමක් කළා. එහිදී මම පැහැදිළිව කිව්වා මම යන්නේ නෑ කියලා”

“අපි අපේ ආරක්‍ෂාව ගැන හිතන්න ඕනේ. ඒ නිසා යන්න නෑ කිව්වා. කණ්ඩායමේ කළමනාකරු ද වන අසන්ත ද මෙල් මහත්මයත් යන්නෙ නෑ කිව්වා” යැයි එම ක්‍රීඩකයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ ප්‍රධාන ක්‍රීඩකයන් සංචාරයට සහභාගි නොවේ නම් වෙනත් ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කළ හැකි බවයි.
“අපිට ඕන තරම් ක්‍රීඩකයො ඉන්නවා. සංචාරය ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයන් වෙනුවට වෙනත් ක්‍රීඩකයන් සහභාගි කරවනවා” යැයි ඈෂ්ලි මහතා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් තොර දෙවැනි පෙළ කණ්ඩායමක් සහභාගි කරවීම පිළිබඳව පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ එතරම් ප්‍රසාදයක් නොමැති බව දැනගන්නට තිබේ.

මෙම සංචාරයට එක්දින සහ විස්සයි20 තරග තුන බැගින් ඇතුළත් වන අතර පළමු එක්දින තරගය මේ මස 27 වැනිදා කරච්චිහිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමට 2009 වසරේ මාර්තු මස ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වීමෙන් පසුව ටෙස්ට් හෝ එක්දින තරගවලට ශ්‍රී ලංකා පිල පාතිස්තානයේදී සහභාගි නොවීය.

ශ්‍රී ලංකාව 2017 වසරේ ඔක්තෝබර් මස 29 වැනිදා ලාහෝර්හිදී විස්සයි20 තරගයට සහභාගි වූ අතර ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන ක්‍රීඩකයන් එම තරගයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තිසර පෙරේරා නායකයා ලෙස කටයුතු කළේය. 

අදහස් (1)

ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් පාකිස්තානයට යන්න බෑ කියති
  • wije Monday, 09 September 2019 05:10 PM

    පසුගිය කාලයේ උපුල් තරංග 2019 ලෝක කුසලානය දක්වා කණ්ඩායම් නායකත්වයට පත් වුණා. නමුත් ඔහු පාකිස්ථානයට යාම ප්‍රතික්ෂේප කර නිසා වෙන නායකයෙක් පත් කර පාකිස්ථානයට යැව්වා. එතනින් පස්සේ තරංගට කණ්ඩායම් නායකත්වය පමණක් නොව කණ්ඩායමේ තැනත් අහිමි වුණා. දැන් එයාව හොයාගන්නත් නෑ. දිමුත්ටවත් එසේ නොවේවා !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.