Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගවස්කාර්ගේ 30 වසරක මතකය

ගවස්කාර්ගේ 30 වසරක මතකය

editorial - 2019 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හරියටම වසර 30කට පෙර, 1989 නොවැම්බර් 15 වැනිදා, සචින් තෙන්ඩුල්කාර් සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයේ කරච්චි නුවර ක්‍රීඩාංගණයට පිවිසියේය. ඔහුට එම තරගයේදී ලබාගත හැකිවූයේ ලකුණු 15 ක් පමණි. ඒ වන විට සචින්ගේ වයසත් යන්තම් 15 ඉක්මවූවා පමණි.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ හෙයින් සචින් මුහුණ දුන්නේත් ඒ ඉනිමට පමණි. එහෙත් දිගු ගමනක ආරම්භය එය බවත්, එතැන් සිට වාර්තා එකින් එක සචින්ගේ නමට ඉදිරියෙන් ලියැවෙන බවත් සචින් මෙන්ම ඉන්දියාවේ තවත් බ්‍රාහ්මී වංශිකයකු වන ‘කාර්’ කෙනෙක් දැන සිටියේය. හේ අනෙකකු නොව සුනිල් ගවස්කාර්ය.

තරගයට පෙරදින පැවැති පුහුණු සැසියේදී මේ 15 හැවිරිදි ගැටවරයා දෙස ගවස්කාර් විමසිල්ලෙන් බලා සිටියේය.

පුහුණු දැළ තුළදී පන්දු යවන්නෝ නිපන්දු ගැන සැලකිලිමත් නොවෙති. බොහෝ අවස්ථාවලදී පන්දු යවන්නන් තමන්ගේ සීමාවට වඩා ඉදිරියට ගොස් පන්දු යවති. පන්දු යවන්නන් ඇතැම් අවස්ථාවලදී පුහුණුකරුවන්ගේ උපදෙස් ඇතිව සීමා ඉරට වඩා ඉදිරියට යන නමුත් නොසැලකිලිමත් ලෙසින්ම පන්දු යවන අවස්ථාද නැතුවා නෙවේ.

තණතීරුවේ නිශ්චිත දුර ප්‍රමාණය වන යාර 22 ක් අතර දුරකින් පන්දුව පතිත කළ යුතුවන නමුත් මෙසේ පුහුණු දැළ තුළ පන්දු යවද්දී යාර 20 ක දුරකින් පන්දු යැවීම සාමාන්‍යය දෙයකි. එදා රාජු කුල්කානි තරමක් වේගයෙන් පන්දු යවමින් සිටි අතර ඔහු බොහෝ අවස්ථාවලදී හොඳ ඉපිළීමක්ද  ලබාගත්තේය. එහෙත් එයින් චකිතයට පත්වූයේ තෙන්ඩුල්කාර් නොවේ.

ඔහු කිසිම චකිතයකින් තොරව, පාදයක් පසුපසට ගනිමින් පිටිය මැද කෙටී ඉපිළී එන පන්දුවලට අත දිගහැර පහර දුන්නේය. යන්තම් 15 හැවිරිදි වියේ කොලු ගැටයකු වූ සචින්ට පන්දුව හඳුනාගැනීම සඳහා ඕනෑ තරම් කල්වේලාව තිබිණ.

“මේ හාදයා කවදා හරි කිසියම් සුවිශේෂී දෙයක් කරන කෙනෙක් වෙනවා” යයි තමන් එදාම හඳුනා ගත් බව සුනිල් ගවස්කාර් මහතා පැවසීය. ඉන්දීය පිලේ හිටපු නායකයා මෙන්ම ආරම්භක පිතිකරුවාද වන ගවස්කාර් මහතා මෙසේ පවසන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අතරතුර දීය.
තමන්ගේ පළමු ටෙස්ට් තරගයේ 30 වැනි සංවත්සරය සචින් සැමරූයේ ක්‍රිකට් ක්‍රීඩා කරමිනි.

..


අදහස් (0)

ගවස්කාර්ගේ 30 වසරක මතකය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.