Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ සුපර්ක්‍රොස් තරගාවලිය ඉරිදා වැලිසරදී

කොළඹ සුපර්ක්‍රොස් තරගාවලිය ඉරිදා වැලිසරදී

Nisanka Sandeepani - 2018 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවැනි වරටත් සංවිධානය කරන ‘කොළඹ සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 24 වැනිදා පෙරවරු 9.00 සිට වැලිසර නාවික හමුදා ධාවන පථයේදී පැවැත්වේ. 

‘හච් සුපර් සීරීස්’තරගමාලාවේ දෙවැනි තරගාවලිය ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය ඉසව් 24 කින් සමන්විත වන අතර ඊට මෝටර් රථ ඉසව් 14 ක් සහ යතුරුපැදි ඉසව් 11 ක් ඇතුළත් වේ. එහිදී මෝටර් රථ රියැදුරන් 122 ක් සහ යතුරුපැදිකරුවන් 135 ක් තරග වැදීමට නියමිතය. 

ඉකුත් වසරේ පැවැති සමාරම්භක ‘කොළඹ සුපර්ක්‍රොස්’ තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වාද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශානුක සඳරුවන්ද සම්මාන දිනාගත්හ. 

තරගමාලාවේ පළමු අදියර ලෙස පැවැති ෆොක්ස්හීල් සුපර්ක්‍රොස් තරගාවලියේදී මෝටර් රථ ශූරයා බවට පත්වූ අශාන් සිල්වා සහ යතුරුපැදි ශූරයා බවට පත්වූ ඉෂාන් දසනායක ‘කොළඹ සුපර්ක්‍රොස්’ තරගාවලිය ආරම්භවන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිති. 

කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලිය, කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය, කමාන්ඩෝ අභියෝග තරගාවලිය සහ පන්නල දිවා-රාත්‍රී තරගාවලිය මෙම තරගමාලාව යටතේ ඉදිරියේදී පැවැත්විමට නියමිත තරගාවලි වේ. තරගමාලාව අවසානයේ වැඩිම ලකුණු ලබාගන්නා මෝටර් රථ රියැදුරාට සහ යතුරුපැදිකරුවාට නවීන මෝටර් රථ දෙකක් පිරිනැමේ. 

 

 

ඡායාරූප - ශානුක අරවින්ද  

 


අදහස් (0)

කොළඹ සුපර්ක්‍රොස් තරගාවලිය ඉරිදා වැලිසරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.