Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කනිෂ්ඨ තේරීම් කමිටුවට බලපෑම්

කනිෂ්ඨ තේරීම් කමිටුවට බලපෑම්

යොහාන් භාසුර - 2019 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් සංචිතය නම් කිරීමේදී වර්තමාන ජාතික තේරීම් කමිටුවේ නිර්දේශ ලබා ගැනීමට නැවතත් තේරීම් තරගාවලියක් පැවැත්වීමට සිදුවීමෙන් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. එම තේරීම් තරගාවලිය හෙට (13) මුවර්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

 ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පසුගිය සෙනසුරාදා (10 වැනිදා) සංවිධායකයන්ට යොමු කිරීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත් වීම මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. තෝරාගෙන සිටි සංචිතයේ ක්‍රීඩකයන් මෙම මස මුල මාදුරුඔය යුද හමුදා කඳවුරේදී දින හතරක නේවාසික වැඩමුළුවකට ද සහභාගී වූහ.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් පළාත් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියෙන් කනිෂ්ඨ තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා එකතුව මේ වන විටත් සංචිතයක් තෝරාගෙන තිබුණ ද එයට අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුවේ අනුමැතිය ලැබිය යුතුය.

කෙසේ වෙතත් ජාතික තේරීම් කමිටු සාමාජිකයන් තිදෙනාට කනිෂ්ඨ ක්‍රීඩකයන් පිළිබඳව මනා දැනුමක් නොමැති බව වාර්තා වන අතර තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ජාතික කණ්ඩායමේ කළමනාකරු ද වීම නිසා ඔහුට තරග නැරඹීමට අවස්ථාවක් නැති බවද කියැවේ.

කනිෂ්ඨ තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීයකුගේ සහභාගිත්වයෙන් දැනට තෝරාගෙන ඇති සංචිතය පිළිබඳව සකච්ඡාවක් පසුගිය සතියේ පවත්වා ඇති අතර එහිදී අදාල නිලධාරියා සංචිතයේ නොමැති ඇතැම් ක්‍රීඩකයන් ඇතුළත්ව නැත්තේ ඇයිදැයි ප්‍රශ්න කර ඇති බවද දැනගන්නට තිබේ.

“ඇයි මෙයා නැත්තේ. එයා නැති වෙන්න බෑනේ” යයි මෙම නිලධාරියා කනිෂ්ඨ තේරීම් කමිටු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගි වී ඇති මෙම නිලධාරියාට තේරීම් කමිටුවෙන් එසේ ප්‍රශ්න කළ නොහැකි බවත් එය තේරීම් කමිටුවට බලපෑම් කිරීමක් බවත් තතු දන්නෝ පවසති.

 


අදහස් (0)

කනිෂ්ඨ තේරීම් කමිටුවට බලපෑම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.