Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉෂාන් ත්‍රිත්ව ශූරතා දිනයි

ඉෂාන් ත්‍රිත්ව ශූරතා දිනයි

ශනුක අරවින්ද - 2017 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ත්‍රිත්ව ජයග්‍රහණයක් වාර්තා කරමින් පිට පිටම දෙවැනි වරටත් ‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගනීමට ඉෂාන් දසානායක සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා (2 වැනිදා) කුරුණෑගල, පාන්ගොල්ල සන්නහා සන්නද්ධ බලකා මූලස්ථාන ධාවන පථයේදී පැවැත්විණ.

බුද්ධික කසුන් සිල්වා පසුපසට ඇද දමමින් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගත් ඉෂාන් දසනායක, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකද ඉතා පහසුවෙන්ම ජයගනිමින් තවත් වසරක් සඳහා මෙම තරගාවලියේ යතුරුපැදි කිරුළ තමන් සතුකර ගත්තේය.

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකේදීම ආරම්භයේ සිටම පෙරමුණ ගත් ඉෂාන්, එම අදියර දෙක නිමාවන තෙක්ම අන් කිසිදු තරගකරුවකුට තමා පසුකර යෑමට ඉඩ නොදීමට තරම් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය. එම අදියර දෙකේම දෙවැනි ස්ථාන හිමි කරගැනීමට ඉෂාන් පසුපස හඹාගිය ගයාන් සඳරුවන් සමත් විය. ගයාන් සමග කරට කර සටනක නිරත වූ ඉවෝන් බී. ගුරුසිංහ තෙවැනියා ලෙසින් අදියර දෙකම නිමා කළේය.

කෙසේ වුවත් මෙම ඉසව්වේ ප්‍රබල තරගකරුවන් ලෙස සැලකෙන ෂෙහාන් සී. අධිකාරිට සහ ජාක් ගුණවර්ධනට මෙවර තරගාවලියේද සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වූහ. ජාක් පළමු අදියරේ 6 වැනි ස්ථානයටත්, දෙවැනි අදියරේ 4 වැනි ස්ථානයටත් පත්වෙද්දී, ෂෙහාන්ට පළමු අදියරේ 7 වැනි ස්ථානයෙන්ද, දෙවැනි අදියරේ 8 වැනි ස්ථානයෙන්ද සෑහීමකට පත්වීමට සිදුවිය.

මෙවර තරගාවලියේදී යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග්‍රහණයන්ට හිමිකම් කීමට හොණ්ඩා කණ්ඩායම නියෝජනය කළ ශානුක සඳරුවන් සහ ඉමාල් මංචනායක සමත් වූහ. ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගනිමින් ශානුක සඳරුවන් එම ජයග්‍රහණ ද්විත්වයට හිමිකම් කී අතර ඉමාල් මංචනායක ඊට හිමිකම් කීවේ එස්. එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි (සි. ධා. 250 සිට 750 දක්වා) ඉසව්වේ අදියර දෙකම ජය ගනිමිනි.

නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ ප්‍රවීන ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහට ගෞරව දැක්වීම පිණිස ඔහුගේ සොහොයුරු උදේෂ් වෙඩිසිංහ, ආනන්ද අනතුරට ලක්වූ යතුරුපැදිය භාවිතා කරමින් ආනන්දගේ අංකය (15) යටතේ තරගාවලියේ සුපර් මෝටාඞ් ඉසව්වට සහභාගි විය.

එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි තරගයේදී නිහාල් විජේරත්න සහ කවිඳු කෙවිටියාගල අතර ඉතා තියුණු තරගයක් දැකගත හැකි වූ අතර ඉදිරියෙන් ගමන් කළ නිහාල් තරග නිමාවට මීටර 20 ක් පමණ තිබියදී පිම්මක් වැරදී යාමෙන් ධාවන පථය මත ඇද වැටීම නිසා කවිඳුට ඉන් පහසු ජයක් අත්විය.

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ) තරගය ජයගැනීමට ගඟන ප්‍රනාන්දු සමත් වූ අතර එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) තරගය ජයගැනීමට භානුක රත්නායක සමත් විය. වයස අවුරුදු 10 න් පහළ ළමුන් සඳහා පැවැති එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගනු ලැබුවේ මිනුක රත්නායක විසිනි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහා සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව 7 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළේය. හොණ්ඩා, කොමාර්ෂල් ක්‍රෙඩිට්, එයාර්පෝට් එක්ස්ප්‍රස්, අලියා සිසිල් බීම සහ ප්‍රීමා යන සමාගම් තරගාවලියේ සෙසු අනුග්‍රහකයන් ලෙස කටයුතු කළේය. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

යතුරුපැදි තරග ප්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ)
1 ගඟන ප්‍රනාන්දු (හස්ක්වර්නා 85)
2 දේමිත් ජයවර්ධන (කේ. ටී. එම්. 85)
3 තාරුක රුමීෂ (යමහා වයි. ඉසෙඞ්. 85)

එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 කවිඳු කෙවිටියාගල (හස්ක්වර්නා 125)
2 එම්. එන්. පෙරේරා (කේ. ටී. එම්. 125)  
3 සමින්ද සඳුන් (කේ. ටී. එම්. 125)  

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 මිනුක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
2 ඉරෝෂ් සුමනසේකර (යමහා පී. ඩබ්ලිව්. 50)
3 එන්. කේ. ඉමාෂ (යමහා පී. ඩබ්ලිව්. 50)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (කවසාකි කේ. එක්ස්. එෆ්. 250)
3 උදික ශ්‍රීමාල් මලවිගේ (ඩිමාර්ක් ඩී. ටී. එම්. 250)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ)
1 භානුක රත්නායක (කවසාකි කේ. එක්ස්. 85)
2 විනුෂ්ක සිල්වා (හොණ්ඩා. සී. ආර්. එෆ්. 150)
3 ඩී. එම්. ඩී. කල්හාර (කේ. ටී. එම්. 85)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 සඳරු ශනිල්ක (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ඉෂාන් දසනායක (යමහා ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)  
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. ආර්. 250)
3 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (කවසාකි කේ. එක්ස්. එෆ්. 250)
3 උදික ශ්‍රීමාල් මලවිගේ (ඩිමාර්ක් ඩී. ටී. එම්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉෂාන් දසනායක (යමහා ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)  
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. ආර්. 250)
3 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

ඉෂාන් දසනායක

 

ගයාන් සඳරුවන්

 

ඉවෝන් බී. ගුරුසිංහ

 

ශානුක සඳරුවන්

 

ඉමාල් මංචනායක

 

‘කැවල්රි සුපර් ක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශානුක අරවින්ද

 

 


අදහස් (0)

ඉෂාන් ත්‍රිත්ව ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.