Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සානියා යළිත් ටෙනිස් පිටියට

සානියා යළිත් ටෙනිස් පිටියට

editorial - 2020 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය කුළුදුල් දරු උපත හේතුවෙන් වසර දෙකකට වැඩි කාළයක් ටෙනිස් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි ලෝකයේ අංක එකේ යුගල තරග ක්‍රීඩිකාවක් වූ ඉන්දීය හිටපු ක්‍රීඩිකා සානියා මිර්සා හොබාර්ට් ජාත්‍යන්තර තරගාවලියේදී මූලික වටයේ තරගයක් ජයගැනීමට අද (14 වැනිදා) සමත් වූවාය.

ආබාධයකට ලක්වීමට පෙර 33 හැවිරිදි මිර්සා, අවසන් වරට 2017 ඔක්තෝම්බර් මාසයේදී චයිනා විවෘත තරගාවලියේදී ක්‍රීඩා කළ අතර පසුව 2018 ඔක්තෝම්බර් මාසයේදී සිය පුතු ඉෂාන් උපත ලැබීමත් සමගින් ක්‍රීඩාවෙන් ඈත් වූවාය.

හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක ෂොයිබ් මලික් සමඟ විවාහ වී සිටින මිර්සා යුක්රේනයේ නාඩියා කිචෙනොක් සමඟ 2-6, 7-6 (7/3), 10-3ක් ලෙස ජෝර්ජියාවේ ඔක්සානා කලාෂ්නිකෝවාට සහ ජපානයේ මියු කැටෝට එරෙහිව යුගල යුගලයේදී ජයග්‍රහණය කළේය.

“මෙතරම් දීර්ඝ කාලයකට පසුව මම ක්‍රීඩා කළ මගේ පළමු තරගය සඳහා මගේ දෙමව්පියන් සහ මගේ කුඩා පුතු මා සමඟ සිටීම මගේ ජීවිතයේ වඩාත්ම සුවිශේෂී දිනවලින් එකක්.... අපි අපේ පළමු වටය ජය ගත්තා,” යැයි මිර්සා ජයග්‍රහණයෙන් පසුව ටිවිටර් පණිවිඩයක් මගින් පැවසීය.

තම රටේ විශිෂ්ඨතම කාන්තා ටෙනිස් ක්‍රීඩිකාව ලෙස සැලකෙන මිර්සා 2005 වසරේදී ලෝක ටෙනිස් සංගමය සංවිධානය කළ තරගාවලියේදී කේවල ශූරතාව දිනාගත් පළමු ඉන්දියානුවා බවට පත්විය.

ඇය එම වසරේම එක්සත් ජනපද විවෘත තරගාවලියේ සිව්වන වටයට පිවිසි අතර 2007 වන විට කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හී ඉහළම 30 දෙනා අතරට පැමිණියාය.

නමුත් මැණික් කටුවෙහි ආබාධයක් හේතුවෙන් ඇය යුගල ඉසව්ව කෙරෙහි අවධානය යොමු කළ අතර ස්විට්සර්ලන්තයේ විශිෂ්ඨ ක්‍රීඩිකා මාර්ටිනා හින්ගිස් සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගත් අතර එය ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා තුනක් දිනා ගත්තේය.

ලබන සතියේ පැවැත්වෙන ඕස්ටේ්‍රලියානු විවෘත තරගාවලියේදී ඇය මිශ්‍ර යුගල තරග සඳහා ඇමරිකානු ජාතික රජීව් රාම් සමඟ හවුල් වීමට නියමිතව ඇත

 


අදහස් (0)

සානියා යළිත් ටෙනිස් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.