Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සියවසේ ටෙස්ට් ක්‍රීඩකයා මුරලිදරන්ට උපහාර

සියවසේ ටෙස්ට් ක්‍රීඩකයා මුරලිදරන්ට උපහාර

editorial - 2020 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

(නුවරඑළිය - ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

21 වෙනි සියවසයේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් තෝරා ගන්නා ලද මුත්තයියා මුරලීදරන් මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් නුවරඑළිය ග්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්විණ.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩියෙන්ම කඩුලු (ටෙස්ට් කඩුලු 800 ක්) දවාගනිමින් ලෝක වාර්තාව ෂතුකරගෙන සිටින මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් ලෝකයේ සම්මානිත සඟරාවක් වන ‘විස්ඩන්’ මාසික සඟරාව විසින් පසුගියදා 21 වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසින් නම් කරන ලදි. ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම නුවරඑළියේ සහ නුවරඑළිය ග්‍රෑන්ඞ් හෝටල කාර්ය මණ්ඩලයේ උපහාරය මුරලිදරන්ට පිරිනැමීම ඊයේ (29 වැනිදා) හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙම උපහාර උත්සවය ග්‍රෑන්ඞ් හෝටල සාමාන්‍යාධිකාරි රිෆාන් රාසික් මහතා ප්‍රධාන කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ අතර, විධායක සූපවේදී විරාජ් ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් සූපවේදී කලන මොලගොඩ මහතා විසින් මුරලීදරන් ක්‍රීකට් පිටියේදී පන්දු යවන ආකාරයෙන් දැක්වෙන කේක් ගෙඩියක් නිර්මාණය කර තිබිණ. ක්‍රිකට් ලෝලීන් සහ ග්‍රෑන්ඞ් හෝටලයට පැමිණි සිටි සියලුදෙනාගේ සුබපැතුම් මැද එම කේක් ගෙඩිය කැපූ මුරලිදරන් මහතාගේ දරුවන් සහ පවුලේ අයද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ මුරලිදරන් මහතා කියා සිටියේ මේ ගෞරවය තමාට පමණක් නොව රටටත්, රටේ ජනතාවට ලැබුණු ගෞරවයක් ලෙස තමා සලකන බවයි. දමිළ ජාතිකයෙකු වුවද ශ්‍රී ලාංකික ජනතාව ජාති භේද පසෙකලා තම පසුපස සිටි බවත්, 1996 ලෝක ක්‍රිකට් ජයග්‍රහණය හිමිකරගත් අර්ජුන රණතුංග මහතා ඇතුළු ක්‍රිකට් කණ්ඩායමටත්, තමන් ක්‍රීඩා කරන සමයේ නායකත්වය දුන් සියලුම නායකයින්ට මෙන්ම තමා සමඟ ක්‍රීඩා කළ සියලුම ක්‍රීඩකයින්ද තමාගේ කළමණාකරුවන් මෙන්ම තමා උගත් විදුහල හා ඒ විදුහල්පතිවරුන් හා ගුරු භවතුන්ද මේ මොහොතේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරන බව මුරලීදරන් මහතා පැවසීය.


අදහස් (5)

සියවසේ ටෙස්ට් ක්‍රීඩකයා මුරලිදරන්ට උපහාර
  • Anjana Tuesday, 30 June 2020 05:24 AM

    තෙරුවන් සරණයි..

    Reply 0       0

    Senarath Tuesday, 30 June 2020 07:15 AM

    මුරලි ඔබ වැනි අය ලැබීම ගැන ඉතාමත් සතුටු වන අතර ලෝකයෙන්ම ඉතාමත් සුදුසු පුද්ගලයාත් ඔබම තමයි. අපේ උණුසුම් සුබපැතුම් වගේම නිරෝගී හා දීර්ඝායුෂ පතමි.

    Reply 0       0

    fairoos Tuesday, 30 June 2020 07:15 AM

    සුබපැතුම්...!!! 

    Reply 0       0

    Rohana Tuesday, 30 June 2020 08:16 AM

    අපේ රටටම ආඩම්බරයක්...

    Reply 0       0

    Dayananda Wednesday, 01 July 2020 03:53 AM

    මාතෘභූමියට ගෞරවයක් එක්කළ ඔහු සැබෑ වීරයකු බවට කිසිඳු සැකයක් නැහැ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.