Last Update  :  2024-03-27 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉවෝන්ගේ අතේ තිබූ ජය ජාක් උදුරාගනී

ඉවෝන්ගේ අතේ තිබූ ජය ජාක් උදුරාගනී

editorial - 2019 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද සාලියපුර සිට..)
 
මෙවර ගජබා සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවකට හිමිකම් කියමින් ත්‍රිත්ව ජයග්‍රහණ ලබාගැනීමට සමත් වුවද, ඊට තවත් ජයග්‍රහණයක් එක්කරගෙන වාර්තාවක්ද පිහිටුවමින් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට තිබූ අනගි අවස්ථාවක් ඉවෝන් බී. ගුරුසිංහගෙන් ගිළිහී ගියේය.

ශානුක සඳරුවන් සමග කළ කරට කර තරගකින් අනතුරුව එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද  ස්ට්‍රී්ට් ටේලර් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගත් ඉවෝන්, ඉන් නොනැවතී ජාක් ගුණවර්ධන සමග තියුණු තරගයක නියැලෙමින් තරගාවලියේ ප්‍රධානතම යතුරුපැදි ඉසව්ව වූ එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියර ජයගැනීමටද සමත් විය.
 
කෙසේ වුවත් එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ දෙවැනි අදියර, ජාක්ට වඩා මීටර කිහිපයක් පසුපසින් දෙවැනියා ලෙස නිමා කිරීම නිසා ජයග්‍රහණ හතරක් අත්කර ගනිමින් වාර්තාවක් පිහිටුවීමට තිබූ අනගි අවස්ථාව මෙන්ම පළමු වරට ගජබා සුපර් ක්‍රොස් තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට තිබූ අවස්ථාවද ඉවෝන්ට අහිමි විය.

දක්ෂතම යතුරුපැදිකරු - ජාක් ගුණවර්ධන

කණ්ඩායම් ශූරතාව - ජාක් ගුණවර්ධන සහ  ඉවෝන් බී ගුරුසිංහ

දක්ෂතම යොවුන් යතුරුපැදිකරු - එන්.කේ. ඉමාෂ

සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැති මෙම තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස අභිෂේක ලැබීමට ජාක් ගුණවර්ධන සමත් වූ අතර ජාක් සහ ඉවෝන් නියෝජනය කළ ‘සියැට්’ කණ්ඩායම යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාවටද හිමිකම් කීවේය.
 
දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගැනෙන එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව අදියර දෙකකින් සමන්විත වූ අතර එහි පළමු අදියරේ දෙවැනි ස්ථානයට පත් වූ ජාක්, දෙවැනි අදියර ජයගනිමින් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය. ජාක් ගජබා සුපර්ක්‍රොස් තරගාවලියක දක්ෂතම රියදුරා බවට පත් වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2015 සහ 2017 යන වසරවලදීද ඔහු එම සම්මානයට හිමිකම් කිවේය.
 
එම අදියර දෙකේදීම ජාක්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත් වූ අතර  පළමු අදියර ජයගත් ඔහු දෙවැනි අදියරේ දෙවැනි ස්ථානයට පත්විය. ඒ අනුව ජාක් සහ ඉවොන් දෙදෙනාම පළමු ස්ථානය සහ දෙවැනි ස්ථානය බැගින් හිමිකරගෙන සම ලකුණු ලබා සිටියද, යතුරුපැදි තරග නීතී රීති වලට අනුව දෙවැනි අදියරේදී ඉදිරියෙන් සිටි ක්‍ර්‍රීඩකයා වූ ජාක් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස කිරුළු පැළදීය.
ඉකුත් වසරේ (2018) පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරපැදිකරුවා බවට පත්වූ ඉෂාන් දසනායක, මෙවර තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපොහොසත් විය. එසේ වුවත් යතුරුපැදි ක්ෂේක්ත්‍රයේ පැහැදිළි අනාගතයකට පෙර මං එළිපෙහළි කරමින් එම අදියර දෙකේදි කැපී පෙනෙන දස්කම් දැක්වීමට ලාබාල ක්‍රීඩකයන් දෙපළක් වන භානුක රත්නායක සහ විනුෂ්ක ටී. සිල්වා සමත් වූහ. ප්‍රභල තරගකරුවන් රැසක් පසුපසට තල්ලු කරමින් අදියර දෙකේම සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට විනුෂ්ක සමත් වෙද්දී, භානුක දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයට පත් විය.

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගනිමින් පිට පිටම දෙවැනි වරටත් ‘ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන’ හිමිකර ගැනීමට ඉමාල් මංචනායක සමත් විය. 2017 වසරේ අප්‍රේල් මස නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය අතරතුරදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ආනන්ද වෙඩිසිංහ මහතා සිහිපත් කිරීම පිණිස එම සම්මානය ප්‍රධානය කෙරිණ. එම ඉසව්වේ අදියර දෙකේදීම ඉමාල් පසුපස හඹාගිය දේෂාන් සොලංකිට දෙවැනි ස්ථාන දෙකකින් සෑහීමකට පත්වීමට සිදුවිය.
 
එම්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද ස්ටී්‍රට් ටේ්‍රල් යතුරුපැදි තරගය ජයගැනීමට නවක ක්‍රීඩක දුලන්ත නිරන්ජන් සමත් වූයේ එම ඉසව්වේ ප්‍රවීණතම ක්‍රීඩකයා වන නිහල් විජේරත්න දෙවැනි ස්ථානයට ඇද දමමිනි. තියුණු තරගයකින් අනතුරුව සමීර ප්‍රේමරත්න එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව ජයගත් අතර ඔහුට හොඳ තරගයක් දුන් ළහිරු ජීවන්ත එහි දෙවැනි ස්ථානයට පත් විය.

වයස අවුරුදු 12 න් පහළ තරගකරුවන් සඳහා පැවැති ජේ. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය ජයගැනීමට ඉරෝෂ් සමරසේකර සමත් වෙද්දී, වයස අවුරුදු 10 න් පහළ තරගකරුවන් සඳහා පැවැති ජේ. කාණ්ඩයේ (සි.ධා. 50 දක්වා) යතුරුපැදි තරගය මෙන්ම ජේ. කාණ්ඩයේ (සි.ධා. 65 දක්වා) යතුරුපැදි තරගයද ජයගත් එන්.කේ. ඉමාෂ තරගාවලියේ දක්ෂතම ලාබාල ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.
 

සුපර් මෝටාඩ් ශූරතාවය - ඉමල් මංචනායක

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 18 වැනි වටරත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එයාර් වොයිස් වයර්ලස් සමාගම කටයුතු කළ අතර සිංගර්, හච් සහ සියැට් යන සමාගම් සහ ලංකා පෞද්ගලික රෝහල එහි සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කළේය. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.
 
තරග ප්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි.ධා. 50 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 එන්.කේ. ඉමාෂ (යමහා පී.ඩබ්ලිව්. 50)
2 හිමාෂ පාදුක්ක (යමහා පී.ඩබ්ලිව්. 50)
3 බී.එම්. සඳරු (යමහා පී.ඩබ්ලිව්. 50)

ජේ. කාණ්ඩයේ (සි.ධා. 65 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 එන්.කේ. ඉමාෂ (කේ.ටී.එම්. 65)
2 එල්.පී.ටී. අනුහස් (කවසාකි කේ.එක්ස්. 65)
3 එම්.එච්. සකීබ් (කේ.ටී.එම්. 65)
 
එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 12 න් පහළ)
1 ඉරෝෂ් සමරසේකර (කේ.ටී.එම්. 85)
2 දිමිත් මිහිරංග (කවසාක කේ.එක්ස්. 85)
3 හිරුෂ පාදුක්ක (හොණ්ඩා සී.ආර්. 85)
 
එම්.එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 15 න් පහළ)
1 තාරුක රුමීෂ (හොණ්ඩා සී.ආර්.එෆ්. 150)
2 කේසර ගොඩගේ (ෆයරෙක්ස් 85)
3 ගඟන ප්‍රනාන්දු (හෂ්කුවර්නා 85)
 
එම්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 දුලන්ත නිරන්ජන් (කේ.ටී.එම්. 125)
2 නිහල් විජේරත්න (කේ.ටී.එම්. 125)
3 මඳුර පීරිස් (හෂ්කුවාර්නා 125)

එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි
1 සමීර ප්‍රේමරත්න (යමහා වයි.ඉසෙඞ්. 125)
2 ළහිරු ජීවන්ත (යමහා වයි.ඉසෙඞ්. 125)
3 කේ.ඒ.ඩී. රවීෂ් (යමහා වයි.ඉසෙඞ්. 125)
 
එස්.එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සි.ආර්.එෆ්. 250)
2 දේෂාන් සොලංකි (ටී.වී.එස්. ආර්.ටී.ආර්. 250)
3 පැතුම් ධනංජය (හොණ්ඩා සි.ආර්.එෆ්. 250)

එස්.එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සි.ආර්.එෆ්. 250)
2 දේෂාන් සොලංකි (ටී.වී.එස්. ආර්.ටී.ආර්. 250)
3 බුද්ධික දිනේෂ් (යමහා වයි.ඉසෙඞ්. 250)

එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)

එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
3 සුපුන් ගනේගල (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)

එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
2 ජාක් ගුණවර්ධන (කේ.ටී.එම්. එස්.එක්ස්.එෆ්. 250)
3 සමීර ප්‍රේමරත්න (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)

එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ජාක් ගුණවර්ධන (කේ.ටී.එම්. එස්.එක්ස්.එෆ්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
3 භානුක රත්නායක (කවසාකි කේ.එක්ස්.එෆ්. 250)

භානුක රත්නායක ඉදිරියෙන්

ඉවෝන් බී ගුරුසිංහ, ඉෂාන් දසනායක සහ භානුක රත්නායක

ඉමල් මංචනායක

ශානුක සඳරුවන්

ජාක් ගුණවර්ධන

ඉවෝන් බී. ගුරුසිංහ

හිරූෂ පාදුක්ක ඉදිරියෙන්

ඉමල් මංචනායක

සමීර ප්‍රේමරත්න

ජාක් ගුණවර්ධන

 


අදහස් (0)

ඉවෝන්ගේ අතේ තිබූ ජය ජාක් උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.