Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

ක්‍රීඩා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

ශනුක අරවින්ද - 2018 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා පනත සංශෝධනය කිරීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. ජාතික ක්‍රීඩා සම්මේලන නියෝජිතයන් සහ විගණකාධිපතිවරයාද ඇතුළුව රජයේ උසස් නිලධාරීන් සමඟ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවති සාකිච්ජාවකට සෙනසුරාදා (26) එක් වෙමින් ඇමතිවරයා එසේ කියා සිටියේය.

ක්‍රීඩා අමාත්‍යවරයාට අනුව, මෙම සමාජිකයන් හය දෙනාම නීතිපතිවරයාගේ උපදේශකයන් වන අතර ඔවුන් ස්වේච්ජා පදනමින් යුතුව සේවය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ කාලයේදී සංශෝධනය වුවත් එහි ඇතැම් වගන්ති අනුව කටයුතු කිරීමේදී ගැටළු පැන නගින බැවින් එය යළිත්වරක් සංශෝධනය කිරීමට ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතාගේ අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමටද ඇමතිවරයා කටයුතු සූදානම් කරමින් සිටී.

ජාතික ක්‍රීඩා පනතේ යම් යම් ගැටළු ඇති තැන් සංශෝධනය සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවට ක්‍රීඩා සංගම් 62 ක් නියෝජනය කරමින් එම සංගම් වල ප්‍රධාන නිලධාරීන්, විගණනාධිපති ගාමිණි විජේසිංහ මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රීඩා ආයතන වල අදහස් විමසීමෙන් අනතුරුව සති දෙකකින් ක්‍රීඩා පනත පිළිබඳ ජනතාවගේ අදහස් විමසීමටද සැලසුම් කර ඇති බවයි. දේශපාලනය ගාවා නොගෙන එය ඉදිරියට පවත්වා ගෙන යාමට කටයුතු කරන බවද ඇමතියවරයා කියා සිටියේය.

“මම මේ අමාත්‍යාංශය බාරගනිද්දි කිව්වා මූල්‍ය වංචාවක් නැත්නම් අන්තර් මණ්ඩල පත්කරන්නේ නෑ කියලා”

“ඒත් මට ප්‍රශ්ණයක් වුනා මේ වන තෙක් සමහර සංගම් මුල්‍ය වාර්තා භාරදීලා නැහැ. පසු වාර්තා දීලාත් නෑ. සමහර වාර්තාවල විගණනාධිපතිවරයා දෙන උපදෙස් ක්‍රියාත්මක කරලා නෑ.  අද විශේෂයෙන් විගණනාධිපතිතුමාට එන්න කිව්වේ විගණනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඔබ සැමට ලබා දෙන්න”

“මම මේ හමුව ඔබ සැමගේ අදහස් ලබා ගන්න අවස්ථාවක් කර ගන්නවා”

“සමහර ක්‍රීඩා සංගම් තියෙනවා කවදාවත් විගණන වාර්තාවක් ඉදිරිපත් නොකරපු. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විදියට මම දැඩි තීන්දු ගන්නවා. මූල්‍ය වංචාවක් හොයන්න විගණන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. විගණන වාර්තාවක් ඉදිරිපත් කළේ නැත්නම් ඒ ක්‍රීඩා සංගම්වල ලොකු ප්‍රශ්ණ තියෙන්න පුලුවන්”

“සංගම්වල සභාපතිපුටුවල වාඩිවෙන මහත්තුරුන්ට කියන්න තියෙන්නේ තමුන්නාන්සේලා පෙර වර්ෂයේ විගණන වාර්තාව නොගෙන මේ පුටුවේ වාඩි වුනානම් ඒ වර්ෂවල සිද්ධවුන දූෂණ, නාස්ති වලටත් නෛතික බැදීමක්, වගකීමක් තියෙනවා කියන එකයි...... ඒ වර්ෂවල අපි හිටියේ නෑ කියන්න එපා මට.”

“මගේ අදහස තමුන්නාන්සේලා ඒ වර්ෂවල විගණන වාර්තාව පිළිබද වගකීම දැරිය යුතුයි. සභාපති පුටුවේ වාඩි වෙන්න කලින් විගණන වාර්තාවක් ලබා ගත යුතුයි. ඔනෑම විගණන වාර්තාවක් කලින් වර්ෂයට සම්බන්ධයි. තනිව වාර්තාවක් තිබිය නොහැකි” යයිද ඇමතිවරය පැවසීය.

 

- 024


අදහස් (0)

ක්‍රීඩා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.