Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලුවිස් හැමිල්ටන් තවත් පියවරක් ඉදිරියට

ලුවිස් හැමිල්ටන් තවත් පියවරක් ඉදිරියට

editorial - 2020 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔස්ට්‍රියාවේ ස්පිල්බර්ග් ධාවන පථයේදී ඉකුත් ඉරිදා පැවැති ඔස්ට්‍රියානු ගෝන් ප්‍රී තරගයෙන් ජය ලැබීමට මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරන ලුවිස් හැමිල්ටන් සමත් විය. මෙම වසර (2020) තුළ පැවැත්වෙන ෆෝර්මිලා-I තරග මාලාවේ දෙවැනි තරගය ලෙස මෙම තරගය පැවැත්විණ.

මයිකල් ෂූමාකර් සතු ෆෝමියුලා තරග 91 ක් ජයගැනීමේ ලෝක වාර්තාව සමකිරීමට නම් ලුවිස් හැමිල්ටන් තවත් ෆෝමියුලා තරග 6 ක් ජයගත යුතුව තිබේ.

එංගලන්ත ජාතිකයකු වන හැමිල්ටන්ට, වට 71 කින් සමන්විත වූ සමස්ත තරග නිමා කිරීම සඳහා ගතවූ කාලය පැය 1 යි, විනාඩි 22 යි, තත්පර 50.683 කි. මෙම තරග ජයගැනීමත් සමග ලකුණු 25 ක් ලබාගත් හැමිල්ටන්, මුලු ලකුණු 37 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියේය.  

සුදුසුකම් ලැබීමේ අදියරේ එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි, තත්පර 17.825 ක අවම කාලයක් වාර්තා කරමින් ගෝන් ප්‍රී තරගයේ ඉදිරිපෙළ ආරම්භක ස්ථානය හිමිකරගත් හැමිල්ටන්, තරගය තුළදී වටයක් නිමා කිරීමට සඳහා වැය කළ අවම කාලය විනාඩි 1 යි, තත්පර 05.619 කි.

හැමිල්ටන්ට වඩා තත්පර 13.719 ක් පසුපසින් තරගය නිමා කළ මර්සිඩීස් කණ්ඩයමේම වෙල්ටරි බොටාස් එහි දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. ඒ අනුව ඔහුට ලකුණු 18 ක් හිමිවූ අතර මෙම තරගය පරාජයට පත්වුවත්, මින් පෙර පැවැති තරගය ජයගෙන තිබීම හේතුවෙන් මුලු ලකුණු 43 ක් ලබා තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමටද බොටාස්ට හැකි විය.

රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු වන මැක්ස් වෙර්ස්ටපෙන් සහ ඇලෙක්සැන්ඩර් ඕල්බන් පිළිවෙලින් තරගයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වූයේ හැමිල්ටන්ට වඩා තත්පර 33.698 ක් සහ 44.400 ක් පසුපසින් තරගය නිමා කරමිනි. ඔවුන් දෙදෙනාට පිළිවෙලින් ලකුණු 15 ක් සහ 12 ක් බැගින් හිමිවිය.

තරග ප්‍රතිඵල
1 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - පැය 1:22:50.683
2 වෙල්ටරි බොටාස් (මර්සිඩීස්) - පැය 1:23:04.402
3 මැක්ස් වෙර්ස්ටපෙන් (රෙඞ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:23:24.381
4 ඇලෙක්සැන්ඩර් ඕල්බන් (රෙඞ්බුල් රේසිං හොණ්ඩා)  - පැය 1:23:35.083
5 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන්) - පැය 1:23:52.153
6 සර්ජියෝ පෙරේස් (රේසිං පොයින්ට් මර්සිඩීස්) - පැය 1:23:53.07
7 ලාන්ස් ස්ට්‍රෝල් (රේසිං පොයින්ට් මර්සිඩීස්) - පැය 1:23:53.136
8 ඩැනියෙල් රිකාඩෝ (රෙනෝල්ට්) - පැය 1:23:53.274
9 කාර්ලොස් සේන්ස් (මැක්ලරන්) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්
10 ඩැනිල් ක්යාට් (ඇල්ෆාටයුරි හොණ්ඩා) - ජයග්‍රාහකයාට වටයක් පසුපසින්

-036

 


අදහස් (0)

ලුවිස් හැමිල්ටන් තවත් පියවරක් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.