Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාගස්තොට - රදැල්ල කඳු තරණ කල්දමයි

මාගස්තොට - රදැල්ල කඳු තරණ කල්දමයි

editorial - 2020 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වෛරසය හේතුවෙන් මේ දිනවල රට තුළ පවතින අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් ලබන අප්‍රේල් මස මුල් භාගයේදී පැවැත්වීමට තිබූ කඳු තරණ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි දෙකක් දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.

එලෙස කල් දැමීමට පියවර ගෙන ඇති තරගාවලි වන්නේ අප්‍රේල් මස 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මාගස්තොට කඳු තරණය සහ අප්‍රේල් මස 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ රදැල්ල කඳු තරණයයි. එම තරගාවලි දෙකම නුවරඑළිය ප්‍රදේශය අවට පැවැත්වීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලන අධිකාරියට අයත් පැරණිම අනු සංගම් දෙකක් වන සිලෝන් මොටර් රථ ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය පිළිවෙළින් මාගස්තොට කඳු තරණයේ සහ රදැල්ල කඳු තරණයේ සංවිධායන් ලෙස කටයුතු කරයි.

අදාල තරගාවලි දෙක නැවත දැනුම්දෙන තුරු නොපවත්වන ලෙස එම අනු සංගම් දෙක වෙත ලිපියක් යොමුකරමින් මෝටර් රථ ක්‍රීඩා පාලන අධිකාරියේ ලේකම් රිස්වි ෆාරුක් මහතා දැනුම් දී ඇත. එම ලිපියේ පිටපත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කිරීමටද ෆාරුක් මහතා පියවර ගෙන ඇත.

මේ අතර මෝටර් රථ ක්‍රීඩා පාලන අධිකාරියේ සංවිධානයෙන් අප්‍රේල් මස 18 සහ 19 යන දිනවල දියතලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලිය සහ ශ්‍රී ලංකා යතුරුපැදි සංගමයේ සංවිධානයෙන් මැයි මස 2 සහ 3 යන දිනවල නුවරඑළියේදී පැවැත්වීමට නියමිතව තිබූ මාර්ග මෝටර් රථ තරගාවලියද පැවැත්වීම මේ වන විට අවිනිෂ්චිත තත්වයක පවතී.

එම තරගාවලි පැවැත්වීම සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් සමග මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද, මේ මස අවසන් සතිය වනවිට ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හැකි වනු ඇති බවද මෝටර් රථ ක්‍රීඩා පාලන අධිකාරියේ නිලධාරියෙක් ‘ලංකාදීපය’ට පැවසීය.

 

- 036


අදහස් (0)

මාගස්තොට - රදැල්ල කඳු තරණ කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.