Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මර්සිඩීස් කණ්ඩායම පෙරමුණේ

මර්සිඩීස් කණ්ඩායම පෙරමුණේ

editorial - 2020 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලුවිස් හැමිල්ටන්ගේ සහ වෙල්ටරි බොටාස්ගේ එකිනෙකාට නොදෙවෙනි තරගකාරීත්වය හේතුවෙන් ඔවුන් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම මේ වන විට ලකුණු 121 ක් ලබා ෆෝර්මිලා-I තරග මාලාවේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටියි. හොණ්ඩා කණ්ඩායම ලකුණු 55 ක් සමග එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර මැක්ලරන් රෙනෝල්ට් කණ්ඩායම ලකුණු 41 ක් සමග තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

අවසන් වරට හංගේරියාවේ බුඩපාස්ට්හි පැවැති හංගේරියානු ගෝන් ප්‍රී තරගයෙන්ද ජය ලැබීමට ලුවිස් හැමිල්ටන් සමත් වූ අතර බොටාස් එහි තෙවැනි ස්ථානයට පත් විය. මෙම වසර (2020) තුළ පැවැත්වෙන ෆෝර්මියුලා-I තරග මාලාවේ තෙවැනි තරගය හංගේරියානු ගෝන් ප්‍රී තරගය විය.

වට 70 කින් සමන්විත වූ හංගේරියානු ගෝන් ප්‍රී තරගය නිමා කිරීම සඳහා හැමිල්ටන්ට ගතවූ කාලය පැය 1 යි, විනාඩි 36 යි, තත්පර 12.473 කි. මෙම ජයග්‍රහණයත් සමග ලකුණු 26 ක් ලබාගත් හැමිල්ටන්, මුලු ලකුණු 63 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.

කරට කර තරගයනික් පසුව හැමිල්ටන්ට වඩා තත්පර 8.702 ක් පසුපසින් තරගය නිමා කළ රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපෙන් එහි දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. ඒ අනුව වෙර්ස්ටපෙන්ට ලකුණු 18 ක් හිමිවූ අතර තරග 3 කින් අනතුරුව මුලු ලකුණු 33 ක් ලබා සිටින ඔහු ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

මර්සිඩීස් කණ්ඩයමේ වෙල්ටරි බොටාස් සහ රේසිං පොයින්ට් මර්සිඩීස් කණ්ඩායමේ ලාන්ස් ස්ට්‍රෝල් තරගයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වූයේ හැමිල්ටන්ට වඩා තත්පර 9.425 ක් සහ 57.579 ක් පසුපසින් තරගය නිමා කරමිනි. ඔවුන් දෙදෙනාට පිළිවෙලින් ලකුණු 15 ක් සහ 12 ක් බැගින් හිමිවිය. මෙම තරගයේ තෙවැනි ස්ථානයට පත්වුවද මුලු ලකුණු 58 ක් සමගින් බොටාස්, ක්‍රීඩකයන්ගේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටියි.

කණ්ඩායම් ලකුණු සටහන
1 මර්සිඩීස්                 121
2 රෙඩ්බුල් රේසිං හොණ්ඩා    55
3 මැක්ලරන්ස් රෙනෝල්ට්     41    
4 රේසිං පොයින්ට් මර්සිඩීස්    40
5 ෆෙරාරි                     27
6 රෙනෝල්ට්                     12
7 ඇල්ෆාටවුරි හොණ්ඩා             7    
8 ඇල්ෆාටවුරි රෝමියෝ රේසිං        2
9 හාස් ෆෙරාරි                     1
10 විලියම්ස් මර්සිඩීස්             0

රියැදුරන්ගේ ප්‍රසාද ලකුණු සටහන
1 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්)     63
2 වෙල්ටරි බොටාස් (මර්සිඩීස්)     58
3 මැක්ස් වර්ස්ටපෙන් (රෙඩ්බුල් රේසිං හොණ්ඩා)     33
4 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන්ස් රෙනෝල්ට්)     26    
5 ඇලෙක්සැන්ඩර් ඇල්බන් (රෙඩ්බුල් රේසිං හොණ්ඩා)    22
6 සර්ගියෝ පෙරේස් (රේසිං පොයින්ට් මර්සිඩීස්)     22
7 චාල්ස් ලැක්ලර්ක් (ෆෙරාරි)     18
8 ලාන්ස් ස්ට්‍රෝල් (රේසිං පොයින්ට් මර්සිඩීස්)    18    
9 කාර්ලොස් සේන්ස් (මැක්ලරන් රෙනෝල්ට්)     15
10 සෙබස්තියන් වෙට්ල් (ෆෙරාරි)     9

-036


අදහස් (0)

මර්සිඩීස් කණ්ඩායම පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.