Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බොටාස් - ලුවිස් කරට කර සටනක

බොටාස් - ලුවිස් කරට කර සටනක

editorial - 2020 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ (2020) ෆෝමියුලා-I තරග මාලාවේ තෙවැනි ගෝන් ප්‍රී තරගය හෙට (19 වැනිදා) හංගේරියාවේ බුඩපාස්ට්හි හන්ගේරරිං ධාවන පථයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.40 ට ආරම්භ වීමට නියමිතය. මින් පෙර ඔස්ට්‍රියාවේදී පැවැති ගෝන් ප්‍රී තරග දෙකේදී පිළිවෙලින් ශූරයා සහ අනු ශූරයා බවට පත්වූ මර්සිඩීස් කණ්ඩායමේ වෙල්ටරි බොටාස් සහ ලුවිස් හැමිල්ටන් දෙදෙනා මේ වන විට වාර්ෂික රියැදුරු ශූරතාව සඳහා කරට කර සටනක නිරතව සිටිති.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර තරගවාරයේ සියලුම ගෝන් ප්‍රී තරග ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වෙන අතර ඊට සහභාගිවන්නන්ද දැඩි සෞඛ්‍ය ක්‍රමවේදන් පිළිපැදිය යුතුව තිබේ.  ඒ අනුව කිලෝ මීටර් 4.381 ක දුරකින් සමන්විත හන්ගේරරිං ධාවන පථයේදී ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වෙන පළමු ගෝන් ප්‍රී තරගය ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

ඉකුත් සති අන්තයේ පැවැති දෙවැනි ඔස්ටි්‍රයානු ගෝන් ප්‍රී තරගය ජය ගැනීමට මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් සමත් වූ අතර ඒ සඳහා ඔහුට පැය 1 යි, විනාඩි 22 යි, තත්පර 50.683 ක කාලයක් ගත විය. ඔහුට වඩා තත්පර 13.719 ක් පසුපසින් තරගය නිමා කළ බොටාස් එහි දෙවැනි ස්ථානයටද, තත්පර 33.698 ක් පසුපසින් තරගය නිමා කළ රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපෙන් තෙවැනි ස්ථානයටද පත්වූහ.

අද පැවැත්වෙන තරගයෙන් අනතුරුව බි්‍රතාන්‍ය ගෝන් ප්‍රී තරගාවලිය අදියර දෙකකින් යුතුව අගෝස්තු 2 සහ 9 යන දිනවල සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී පැවැත්වේ. ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගාවලිය අගෝස්තු මස 16 වැන්දා බාසිලෝනාහිදී පැවැත්වේ. බෙල්ජියම් සහ ඉතාලි ගෝන් ප්‍රී තරගාවලින්හි පෙර යොදා තිබූ දිනයන් වෙනස් වී නොමැති අතර එම තරගාවලි පිළිවෙලින් අගෝස්තු මස 30 වැනිදා සහ සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය.

මයිකල් ෂූමාකර්ගේ ගෝන් ප්‍රී ජයග්‍රහණ වාර්තාව (91) සම කිරීම සඳහා තවත් ජයග්‍රහණ 6 ක් පසුපසින් සිටින හැමිල්ටන්ට මේ වසර තුළදී එම වාර්තාව සම කිරීමට නම් හංගේරියානු ගෝන් ප්‍රී තරගයද ඇතුළත්ව ඉතිරිව ඇති සියලුම ගෝන් ප්‍රී තරග ජයගැනීමට සිදුවනු ඇත.


-036

 


අදහස් (0)

බොටාස් - ලුවිස් කරට කර සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.