Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාවික හමුදාවට තියුණු ජයක්

නාවික හමුදාවට තියුණු ජයක්

editorial - 2020 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාවික හමුදා පිල සහ යුද හමුදා පිල අතර වැලිසරදී අද (10) පැවැති ඩයලොග් කුසලාන රග්බි තරගයෙන් නාවික හමුදා ක්‍රීඩකයෝ ලකුණු 35-34 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. නාවික හමුදා පිල මෙවර තරගාවලියේ ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර මීට වසර දෙක තුනකට පෙර ප්‍රබල කණ්ඩායමක් වූ නාවික හමුදා පිල මෙවර දැඩි පසු බෑමකට ලක්ව සිටියේය.

යුද හමුදා ක්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිට නාවික හමුදා පිලට ග්‍රහණයට නතු කරගැනීමට සමත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය අවසන් වන විට යුද හමුදාව ලකුණු 19-14 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.  

තරගයේ අතිරේක කාලයේදී නාවික හමුදා පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක තිළිණ වීරසිංහ සම්පූර්ණ කළ උත්සාහක දිනුම ඉසුරු කෝන්ගහවත්ත ප්‍රවර්ථනය කිරීමෙන් නාවික හමුදාවට මෙම අනපේක්‍ෂිත මෙන්ම තියුණු ජය හිමිවිය.
යුද හමුදාව පළමු අර්ධයේ 16 වැනි මිනිත්තුව වන විට ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 19 ක් රැස්කිරීමට සමත්විය.

ෆීජි ක්‍රීඩක ටමෝසි රවවොයු, අෂාන් බණ්ඩාර සහ ළහිරු රත්නායක පළමු අර්ධයේදී යුද හමුදා පිලට උත්සාහක දිනුම බැගින් එකතු කළහ. සචින් ගමගේ ගෝල ප්‍රවර්ථනය දෙකක් සාර්ථක කළේය.

නාවික හමුදා පිල 22 වැනිදා මිනිත්තුවේ සිට මිනිත්තු 14 ක් තුළ ගෝල දෙකක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 19 - 14 ක් බවට පත්කළේය. රදීෂ සෙනෙවිරත්න 22 වැනි මිනිත්තුවේදී ද, සචින්ක අබේසේකර 35 වැනි මිනිත්තුවේදී ද, නාවික හමුදාවට උත්සාහක දිනුම බැගින් එකතු කළහ. ඉසුරු කෝන්ගහවත්ත ගෝල ප්‍රවර්ථන සාර්ථක කළේය.

දෙවැනි අර්ධයේ නවවැනි මිනිත්තුවේදී චතුර සෙනෙවිරත්න ක්‍රියාත්මක වෙමින් නාවික හමුදාවට තෙවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කළේය. ඉසුරු කෝන්ගහවත්ත එයට අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ නාවික හමුදාව ලකුණු 21-19 ක් ලෙස පළමු වරට පෙරමුණට පැමිණියේය.

යුද හමුදා පිලට 20 වැනි මිනිත්තුවේදී දඩුවම් පහර ගෝලයකින් ලකුණු 7 ක් එකතු වීමෙන් ලකුණු 26-21 ක් ලෙස යුද හමුදාව නැවතත් ඉදිරියට පැමිණියේය.

යුද හමුදාව අවසන් මිනිත්තු දෙක දක්වා ලකුණු 34-21 ක් ලෙස පෙරමුණේ පසුවූ අතර නාවික හමුදාව අවසන් මිනිත්තු දෙක තුළදී ගෝල දෙකක් සම්පූර්ණ කරමින් ලකුණු සංඛ්‍යාව 35 ක් බවට පත්කරගත්තේය.


ඡායාරූපය - වරුණ කරුණාසේකර

- 048


අදහස් (0)

නාවික හමුදාවට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.