Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන රග්බි තරගාවලියේ කුමගායාහිදී අද (09) පැවැති තරගයේදී ආජන්ටිනාව විසින් ලකුණු 47-17 කින් ඇමරිකාව පරාජය කරන ලදි. එහෙත් ආර්ජන්ටිනාවට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය.
මෙය ආජන්ටිනාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ අවසන් තරගය වන අතර ආජන්ටිනාව තරග හතරෙන් තරග දෙකක් ජය ලබා ප්‍රසාද ලකුණු 11 ක් පමණක් හිමිකරගත් නමුත් ‘සී’ කාණ්ඩයේ තෙවැනි තැනට පත්විය.
එංගලන්තය සහ ප්‍රංශය මේ වන විටත් ‘සී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති.
ඇමරිකාව මේ දක්වා සහභාගි වූ තරග තුනම පරාජයට පත්ව ‘සී’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ රැදී සිටියි. ඒ අනුව ඇමරිකාව ද මේ වන විට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවී තිබේ.
ජයග්‍රාහි ආජන්ටිනා පිල ගෝල හයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලකුණු 47 රැස්කළේය. ඇමරිකාව ගෝලයකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු 17 ක එකතු කරගත්තේය.
ආජන්ටිනා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-5 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. ඇමරිකානු ක්‍රීඩකයෝ තරගය ආරම්භයේදී ආජන්ටිනා ක්‍රීඩකයන්ට හොඳ අභියෝගයක් යොමු කළ ද පළමු අර්ධයේ මැද භාගය වන විට එම ග්‍රහණය අත හැරුණි.
නිකොලා සැන්චේස් 19 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට අතිරේක ලකුණු එකතු වීමත් සමඟ 7-0 ක් ලෙස ආජන්ටිනාව ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.
ආජන්ටිනාව පළමු අර්ධයේදී ගෝල දෙකක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. දෙවැනි අර්ධයේදී තවත් ගෝල හතරක් සාර්ථක කරගත් ආජන්ටිනාව ලකුණු සංඛ්‍යාව 47 ක් බවට පත්කර ගත්තේය.
ඇමරිකාව පළමු අර්ධය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී පළමු උත්සාහක දිනුම සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 19-5 ක් බවට පත්කළේය. ඇමරිකාවේ ඉතිරි ලකුණු 12 ලැබුණේ තරගයේ දෙවැනි අර්ධයේදී වාර්තා වූ උත්සාහක දිනුමකින් සහ ගෝලයකිනි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.