Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දසිස් - ළහිරු රාජකීයයන් බේරාගනිති

දසිස් - ළහිරු රාජකීයයන් බේරාගනිති

යොහාන් භාසුර - 2020 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 141 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (14 වැනිදා) පස්වරුවේ විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ තරගය අවසන් වන විට සාන්ත තෝමස් විදුහල් පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු පහක් දැවී ලකුණු 127 ක් රැස්කර සිටියේය.  

සාන්ත තෝමස් විදුහල තරගය අවසන් වන විට ලකුණු 214 ක් ඉදිරියෙන් සිටියද තරගයේ තීරණයක් ලබාගැනීමට තරම් කාලයක් ඉතිරිවී නොතිබිණ.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (13 වැනිදා) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට කඩුලු හතරක් දැවී ලකුණු 127 ක් ලබාසිටි රාජකීය විදුහල අද පස්වරුවේදී කඩුලු අටක් දැවී ලකුණු 282 ක් ලබාගනිමින් සිය පළමු ඉනිම අත්හිටුවීය. දසිස් මංචනායක (නොදැවී 53) සහ ඉසිවර දිසානායක (42) වැඩි කාලයක් ගනිමින් පන්දුවට පහරදීම නිසා සාන්ත තෝමස් විදුහලට ජයග්‍රහණයට යෑමට කාලය හරස් විය.

ශාන්ත තෝමස් පිලේ ලකුණු 369 ට පිළිතුරු සොයා යමින් සිටි රාජකීය පිලේ ඉදිරිපෙළ පිතිකරුවෝ වේලාසනින්ම දැවී ගියහ. රාජකීය මුල් ඉනිමේදී හත්වැනි කඩුල්ලත් ලකුණු 201 දී බිඳ වැටුණ නමුත් විනාඩි 103 ක් තිස්සේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක් එක්කළ දසිස් මංචනායක (පන්දු 103 කින් ලකුණු 53 යි) සහ ළහිරු මධුශංක (පන්දු 57 කින් ලකුණු 29) තම කණ්ඩායම පරාජය කරා ඇදීයාමෙන් වළක්වා ගත්හ.

ක්‍රිෂාන් මුණසිංහ ලකුණු 38 කට කඩුලු දෙකක් දවාගනිමින් සාන්ත තෝමස් විදුහලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්විය.


ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 128.2 කදී සියලු දෙනා දැවී 369
(දිල්මින් රත්නායක 23, ශලීන් ද මෙල් 85, රයන් ප්‍රනාන්දු 70, උමයංග සුවාරිස් 21, ගැවින් බොතේජු 54, මනීෂ රූපසිංහ 25, තෙවින් ඊරියගම 47, කවිඳු පතිරත්න 85/2, ගීෂාන් බාලසූරිය 66/2)

රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 104.3 කදී කඩුලු 8 ට 282
(කමිල් මිෂාර 32, කෞෂාන් බාලසූරිය 31, කවිඳු මදාරසිංහ 23, අහන් වික්‍රමසිංහ 24, ඉසිවර දිසානායක 42, දසිස් මංචනායක නොදැවී 53, ළහිරු මධුසංඛ 29, ක්‍රිෂාන් මුණසිංහ 38/2, යසිරු රොද්‍රිගු 52/2, උමයංග සුවාරිස් 55/2)

ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම ඕවර 48 කදී කඩුලු 5 ට 127
(දිල්මින් රත්නායක 22, රයන් ප්‍රනාන්දු 34, උමයංග සුවාරිස් 21, ගැවින් බොතේජු නොදැවී 36, ක්‍රිෂාන් මුණසිංහ නොදැවී 16, ගීෂාන් බාලසූරිය 50/4)

 


අදහස් (0)

දසිස් - ළහිරු රාජකීයයන් බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.