Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩකාර් රැළියේ මෝටර් රථ ශූරතාව සේන්ස්ට

ඩකාර් රැළියේ මෝටර් රථ ශූරතාව සේන්ස්ට

editorial - 2020 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සවුදි අරාබියේදී පැවැති 2020 ඩකාර් රැළියේ මෝටර් රථ ශූරතාව දිනාගැනීමට පැය 42:59:17 කින් එහි අදියර 12 නිමා කළ ස්පාඤ්ඤයේ කාලෝස් සේන්ස් සමත් විය. මෝටර් රථ රැළියේ අවසන් අදියරේ 6 වැනියා බවට පත් වූ සේන්ස්, ඩකාර් රැළියක සමස්ත ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාවයි.  

කාලෝස් සේන්ස් 2010 සහ 2018 වසර වලදීද ඩකාර් රැළිය ජය ගෙන තිබිණ.

ඉකුත් වසරේදී (2019) පැවැති ඩකාර් රැළියේ ශූරයා බවට පත්වූ කටාර් රාජ්‍යයේ නසර් අල් අතියාට (පැය 43:05:38) වඩා මිනිත්තු 6 යි තත්පර 21 ක පරතරයක් තබාගනිමින් සේන්ස් රැළිය අවසන් කළේය. 2020 රැළියේ අවසන් අදියර ජයගැනීමට අල් අතියා සමත් වුවද, එහිදී ඔහුට තමා සහ සේන්ස් අතර සමස්ත තරගය සඳහා පැවැති මිනිත්තු 10 ක පමණ පරතරය බිඳ දැමීමට නොහැකි විය.

මේ වන විට 57 වැනි වියේ පසුවන සේන්ස්ගේ සහයක රියදුරා ලෙස ස්පාඥයේ ලූකස් ක්‍රස් කටයුතු කළේය. මුල් අදියර දෙකේදී වැඩි යමක් නොකළද, තෙවැනි අදියර ජයගැනීමත් සමග සේන්ස් සහ ලූකස් සමස්ත ලකුණු සටහනේ පෙරමුණට පැමිණියහ.

නැවතත් ක්‍රියාත්මක වූ සේන්ස් 5 වැනි අදියරත් ජයගනිමින් සෙසු තරගකරුවන් සහ තමා අතර පැවැති පරතරය මිනිත්තු 6 ක් දක්වා ඉහළ දමාගත්තේය. රැළියේ 7 වැනි අදියර ජය ගැනීමට සේන්ස් සමත්වන විට එම පරතරය මිනිත්තු 10 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. ඉන් නොනැවතුන සේන්ස්, මෙවර රැළියේ සිව්වැනි අදියර ජයත් වාර්තා කරමින් 10 වැනි අදියරේ ජයද තමන් සතුකර ගත්තේය.

සිව්වැනි අදියර ජය වාර්තා කරන විට සේන්ස්, සිය ප්‍රබලම ප්‍රතිවාදීන් දෙදෙනා වූ අල් අතියාට සහ ස්ටීවන් පීටර්හැන්සල්ට (පැය 43:09:15) වඩා මිනිත්තු 18 ක් පමණ ඉදිරියෙන් සිටියේය. රැළියේ අවසන් අදියර දෙකේදී වැඩි අවදානමක් නොගෙන තරග වැදීම සඳහා සේන්ස්ට එය මනා පිටුවහලක් විය.

දෙවරක්ම ෆෝමියුලා 1 ලෝක ශූරතාව දිනා සිටින ප්‍රනාන්දු ඇලන්සෝ සිය මංගල ඩකාර් රැළිය නිමා කලේ සේන්ස්ට වඩා පැය 5 කට පමණ පසුව සමස්ත රැළියේ 13 වැනි ලෙසිනි.


රැළිය නිමා කළ පළමු මෝටර් රථ රියැදුරන් දස දෙනා

1 කාර්ලෝස් සේන්ස් (ස්පාඤ්ඤය) - පැය 42:59:17
2 නසර් අල් අතියා (කටාර් රාජ්‍යය) - පැය 43:05:38
3 ස්ටීවන් පීටර්හැන්සල් (ප්‍රංශය) - පැය 43:09:15
4 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 43:48:27
5 ගිනියෙල් ඩි’විලර්ස් (දකුණු අප්‍රිකාව) - පැය 44:06:26
6 ඕලැන්ඩෝ තෙරනෝවා (ආජන්ටිනාව) - පැය 44:11:32
7 බර්නාඞ් ටෙන් බ්‍රින්කේ (නෙදර්ලන්තය) - පැය 44:17:51
8 මැතියු සෙරදෝරි (ප්‍රංශය) - පැය 44:58:38
9 යසිර් සෙයිඩියන් (සවුදි අරාබිය) - පැය 46:41:34
10 වෙයි හැන් (චීනය) - පැය 46:50:24

 

- 036


අදහස් (0)

ඩකාර් රැළියේ මෝටර් රථ ශූරතාව සේන්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.