Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාත්‍යන්තර තරග බිමේදී ඒෂාන් දස්කම් දක්වයි

ජාත්‍යන්තර තරග බිමේදී ඒෂාන් දස්කම් දක්වයි

editorial - 2020 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ සෙපැන්ග් ජාත්‍යන්තර ධාවන පථයේදී පැවැති ‘පෝස්චේ ස්ප්‍රින්ට් චැලේන්ජ්’ ආසියානු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකාවේ එෂාන් පීරිස්, එහිදී ජයග්‍රහණ දෙකක් ලබා ගැනීමට සමත් විය.

ප්‍රබල තරගකරුවන් රැසක් සහභාගි වූ එම තරගාවලියේ පළමු සහ දෙවැනි තරගවලදී තෙැවැනි ස්ථාන දෙකක් හිමිකර ගනිමින් ඒෂාන්, කැපී පෙනෙන දස්කම් දැක්වීය.

ආසියානු ෆෝමියුලා 3 ධාවන ශූරයෙකු වන එෂාන්ට මෙම තරගාවලියේදී ලද අත්දැකීම් ලබන මස මුලදී පැවැත්වෙන ‘පෝස්චේ කැරේරා කුසලාන’ ආසියානු තරගාවලිය සඳහා මනා පිටුවහලක් වනු ඇත.

පසුගිය සති අන්තයේ පැවැති මෙම තරගාවලියට ඇබ්සොලුට් රේසිං කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ එෂාන්, දිගින් දිගටම සිය දක්ෂතාවන් පවත්වාගෙන ගිය අතර තෙවැනි ස්ථායෙන් තරගය නිමා කළේය.

පළමු තරගයේ දැක්වූ දස්කම් සමගින් දෙවැනි ස්ථානයේ සිට දෙවැනි තරගය ආරම්භ කළ එෂාන්, පළමු ස්ථානය දිනාගත් ප්‍රවීණ ධාවකයාට ප්‍රබල සටනක් දීමට සමත් විය. කෙසේ වුවත් එම තරගයේදීද ඔහුට තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එෂාන්, කියා සිටියේ ලබන මස පැවැත්වෙන ‘පෝස්චේ කැරේරා කුසලාන’ ආසියානු තරගාවලියට පෙර පැවැති මෙම තරගය තමාට හොඳ අත්දැකීමක් මෙන්ම තමාගේ විශ්වාසය ගොඩනගා ගැනීමට පාදක වුණු බවයි.

තම දෙමව්පියන්ට, කණ්ඩාමේ සමාජිකයන්ට, කණ්ඩායම් කළමනාකාරිත්වයට, කාර්මික ශිල්පීන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ සිට සහ විදේශයන්හි සිට ඔහුට සහයෝගය දැක්වූ මෝටර් ක්‍රීඩා ලෝලීන්ට ස්තුති කිරීමටද ඔහු අමතක නොකළේය.

‘පෝස්චේ කැරේරා කුසලාන’ ආසියානු තරගාවලිය එළඹෙන අප්‍රේල් මස 4 සහ 5 දිනවල වියට්නාමයේ හැනෝයි ස්ට්‍රීට් සර්කිට් ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.

-036


අදහස් (0)

ජාත්‍යන්තර තරග බිමේදී ඒෂාන් දස්කම් දක්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.