Last Update  :  2024-03-28 14:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Statistics ශ්‍රී ලංකා කාන්තා පිල දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකා කාන්තා පිල දකුණු අප්‍රිකාවට

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මේ මස 29 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය. මෙම තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මාලාවට අයිති එකකි.

මෙම තරගාවලියේදී මේ වන විට සියලුම රටවල් තරගාවලි තුනකට බැගින් සහභාගි වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමද තරගාවලි තුනකදී තරග 9 කට සහභාගි වී ඇතත් ජයගෙන ඇත්තේ එකම තරගයකින් පමණි. ප්‍රසාද ලකුණු පුවරුවේදී ශ්‍රී ලංකා කාන්තා පිලට හිමිවී ඇත්තේ අවසන් ස්ථානයයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්දින ජාත්‍යන්තර තරග තුනක් ඇතුළත් වේ. ඊට අමතරව රටවල් දෙකේ එකඟතාවයෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග තුනක් ද පැවැත්වේ.  

ශ්‍රී ලංකා කාන්තා පිල එම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේදී එංගලන්ත පිලට එරෙහිව මාර්තු මස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ අග මෙහි ඉන්දියාවට එරෙහිව තරගාවලියට සහභාගි වූ අතර ශ්‍රී ලංකාව එම තරගාවලියේදී 2-1 කින් පරාජය විය.    


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පිල දකුණු අප්‍රිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.