Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Statistics බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය පෙරමුණට එයි

බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය පෙරමුණට එයි

Nisanka Sandeepani - 2019 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ජනවාරි මස 6 වැනිද දක්වා පැවැති තරගවලදී ජයග්‍රහණ 6 ක් ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සමත්වී තිබේ. 

මේ වන විට ප්‍රසාද ලකුණු 20 ක් ලබා සිටින බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය මෙතෙක් තරග 8 කට සහභාගි වී ඇති අතර ඉන් එක් තරගයක් හෝ පරාජය නොවී, සෙසු තරග 2 විසඳුමකින් තොරව අවසන් කර ගෙන තිබේ. 

නේවි සී හෝක්ස් පාපන්දු සමාජයද ප්‍රසාද ලකුණු 20 ක් ලබා බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සමග සම තත්වයේ පසුවන නමුත් තරගයක් පරාජය වී තිබීම නිසා ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයයි. 

තරග 8 කට සහභාගි වී ඇති කොළඹ ක්‍රීඩා සමාජය තරග 6 ක් ජයගෙන, තරගයක් පරාජයට පත්වී, සෙසු තරගය ජය පැරදුමකින් තොරව අවසන් කරගෙන ලකුණු 19 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවේ. 

-036 


අදහස් (0)

බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.