Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Statistics අවදානම නවසීලන්තයට

අවදානම නවසීලන්තයට

Nisanka Sandeepani - 2019 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගය 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 79 ක් ලබා එක්දින ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේද, නවසීලන්තය ප්‍රසාද ලකුණු 112 ක් ලබා එහි 3 වැනි ස්ථානයේද රැදී සිටිති. මෙම තරගාවලියෙන් පරාජයට පත් වුවද ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හි පහළ නොවැටෙන අතර ඉන් පරාජයට පත් වුවහොත් නවසීලන්තය ශ්‍රේණිගත කිරීම්හි පහළට ඇද වැටෙනු ඇත. 

තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට නවසීලන්තය සමත් වුවහොත් ඔවුන්ට තවත් ප්‍රසාද ලකුණක් හිමිවන අතර ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් අඩුවනු ඇත. යම් හෙයකින් නවසීලන්තය 2-1 ක් ලෙස තරගාවලිය ජය ලැබුවහොත් ඔවුන්ගෙන් ප්‍රසාද ලකුණක් අඩුවන අතර ශ්‍රී ලංකාවට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවේ වෙනසක් සිදු නොවනු ඇත. 

තරගාවලිය 3-0 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවද, ඔවුන්ගේ ශ්‍රේණිගත ස්ථානයේ කිසිඳු වෙනසක් සිදු නොවන අතර ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 83 ක් දක්වා වැඩිවේ. එසේ වුවහොත් නවසීලන්තයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 106 ක් දක්වා අඩුවනු ඇත. තරගාවලියේ ජය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව සතු වුවහොත් ඔවුන්ගේ ප්‍රසාද සංඛ්‍යාව ලකුණු 81 ක් දක්වා ඉහළ යන අතර නවසීලන්තයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 108 ක් දක්වා අනුවනු ඇත. 

-036 


අදහස් (0)

අවදානම නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.