Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ඕෂන් ලංකා පිලට පෙරළිකාර ජයක්

ඕෂන් ලංකා පිලට පෙරළිකාර ජයක්

නාමල් පතිරගේ - 2021 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල දඩල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වූ මන්චි කුසලාන ජාතික වොලිබෝල් සුපර් ලීග් තරගමාලාවේ පිරිමි කාණ්‍ඩයේ මූලික වටයේ තරගයකදී 2019 වසරේ ශූරතාව දිනූ ප්‍රබල යුද හමුදා කණ්ඩායම වට 3-0 කින් පරාජයට පත් කරමින් පෙරළිකාර ජයක් ලැබීමට ඕෂන් ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. නවක කණ්ඩායමක් ලෙස තරගාවලියට පිවිසෙමින් ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය ප්‍රබලතම කණ්ඩායමකට එල්ල කළ මෙම ප්‍රහාරය කෙතරම් ද යත් 3-0 කින් එය ජයගත්තේ ලකුණු 25/19, 26/24 හා 25/23 ක් ලෙසිනි.

ඕෂන් ලංකා ක්‍රීඩකයෝ ඊයේ (26) පැවැති මූලික වටයේ තවත් තරගකදී ලකුණු 3-0 කට පොලිස් ක්‍රීඩා සමාජයද පරාජය කළහ. ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය කෙරෙහි වඩාත් විශ්වාසනීයත්වයක් ගොඩ නගා ගැනීමට ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය ඊයේ වන විට සමත්ව තිබිණි.  කෙසේ වුවත් ඔවුන් විදුලිබල මණ්‍ඩල කණ්ඩායම සමග පැවැති මූලික වටයේ තරගය වට 3-0 කට පරාජය වී තිබුණි.

ඕෂන් ලංකා කණ්‍ඩායම අද (27) නාවික හමුදා කණ්‍ඩායමට එරෙහිව මූලික වටයේ සිය අවසන් තරගයට සහභාගිවීමට නියමිතය. සුපර් ලීග් පිරිමි තරගාවලියේ ඊයේ දක්වා පැවැති තරග ප්‍රතිඵලයන්ට අනුව විදුලිබල මණ්‍ඩලය, යුද හමුදාව ඕෂන් ලංකා හා ගුවන් හමුදා යන කණ්ඩායම් හෙට පස්වරුවේ (28) පැවැත්වෙන පිරිමි කාණ්‍ඩයේ අවසන් පූර්ව වටය සඳහා වඩාත් ඉඩක් විවර කර ගෙන තිබුණි.

ජාතික ශූරතා සුපර් ලීග් කාන්තා වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව තරගත් හෙට පෙරවරු 9 සිට සිට දඩල්ල ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව හෙට පෙරවරු 9 ට ගුවන් හමුදා කණ්ඩායම හා නාවික හමුදා කණ්‍ඩායම අතරද පෙරවරු යුද හමුදා කණ්‍ඩායම හා හයිද්‍රාමනි ක්‍රීඩා සමාජ කණ්‍ඩායම අතරද පැවැත්වීමට නියමිතය.

2019 වසරේ ශූරතාව දිනූ ගුවන් හමුදා කණ්‍ඩායමක් අනුශුරතාව ලද යුද හමුදා කණ්‍ඩායමත් මෙවරත් අවසන් පූර්ව වටයට පිවිස සිටිති.  

ඊයේ වන විට පිරිමි තරගාවලියේ ප්‍රතිඵල අනුව වරාය අධිකාරී ක්‍රීඩා සමාජය මෙවර සුපර් ලීග් තරගාවලියට ඉදිරිපත් කර තිබූ කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකම මූලික වටයෙන්ම ඉවතට විසිවී තිබුණි. වසර 2018 තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත්තේද වරාය අධිකාරී ක්‍රීඩා සමාජය විසිනි.

වාසනා බේකරි කණ්ඩායම විසින් තරග වට 3-1 කින් වරාය අධිකාරී කණ්ඩායමද, තවත් තරගයකදී වට 3-0 කින් තරුණ සේවා කණ්ඩායමද පරාජය කරන ලදි.

සුපර් ලීග් තරගමාලාව සඳහා දිවයිනේ නමගිය කාන්තා වොලිබෝල් කණ්ඩායම් හයක් සහ පිරිමි කණ්‍ඩායම් අටක් තරග වදිති.

තරගාවලියේ තුන්වැනි ස්ථානය තේරීමේ තරගය මාර්තු 1 වැනිදා දඩල්ලේදී පැවැත්වේ. අවසන් මහ තරග ලබන මාර්තු 13 වැනිදා මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාගාරයේදී පැවැත්වේ. සිලෝන් (මන්චි) බිස්කට් සමාගම තරගාවලියට මෙවරත් අනුග්‍රහය දක්වයි.


අදහස් (0)

ඕෂන් ලංකා පිලට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.