Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
එහිදී සෙබස්තියන් විදුහලේ නිසිත අබිලාෂ් (58), දුනිත් ජයතුංග (58) සහ ඉඳුවර ද අල්විස් (50) අර්ධ ශතක ලබාගත්හ.
පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එකසේ දස්කම් දැක්වූ සහිරා විදුහලේ ඉම්ටියාස් සල්සා ලකුණු 67 ක් රැස්කරමින් ලකුණු 125 කට කඩුලු 7 ක් දවාගත්තේය.
සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී 254
(නිසිත අබිලාෂ් 58, දුනිත් ජයතුංග 58, ඉඳුවර ද අල්විස් 50, සන්දේෂ් ප්‍රනාන්දු 28, කළණ සංදීප නොදැවී 21, ඉම්ටියාස් සල්සා 70/4, ඉෂාන් රුහයිම් 52/3, මාධි නාමි 32/2)
සහිරා විදුහල් පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලු දෙනා දැවී 208
(ඉම්ටියාස් සල්සා 67, රාහිධ් රිස්වාන් 26, නලින් සෙයිත් 20, සුපුන් ප්‍රනාන්දු 48/6)
සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 50 කදී සියලු දෙනා දැවී 175
(කළණ සංදීප 34, ශෂික පෙරේරා නොදැවී 29, ඉෂාන් රුහයිම් 80/5, ඉම්ටියාස් සල්සා 55/3)
සහිරා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 24 කදී කඩුලු 3 ක් දැවී 92
(අබ්දුල් මජීඞ් 43, අදීල් ඉසමර්ලි නොදැවී 21, ඉඳුවර ද අල්විස් 35/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.