Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සාන්ත තෝමසුවෝ අවසන් පූර්ව වටයට එති

සාන්ත තෝමසුවෝ අවසන් පූර්ව වටයට එති

editorial - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 73 ක ජයක් වාර්තා කරමින් සාන්ත තෝමස් විදුහල අවසන් පූරව වටයට පිවිසියේය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සාන්ත තෝමස් විදුහලේ රයන් ප්‍රනාන්දු (60) අර්ධ ශතකයක් ලබාගත්තේය.

 

සාන්ත තෝමස් විදුහල - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 161
(රයන් ප්‍රනාන්දු 60, අනුක් පලිහවඩන 23, ඉසුරු මඩවල 22, දුනිත් වෙල්ලාලගේ 07/3, දේෂාන් සෙනෙවිරත්න 34/2, යසිත් රූපසිංහ 40/2)

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 31.5 කදී සියලු දෙනා දැවී 88
(ෂෙරාන් ෆොන්සේකා 27, ශානුක ද අල්විස් 21, රන්දීව් ගුණසේකර 12/3, අනුක් පලිහවඩන 17/2, අනීෂ් කමලචන්ද්‍ර 18/2)

-036

 


අදහස් (0)

සාන්ත තෝමසුවෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.