Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ යාපනය ශාන්ත ජෝන් විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ශාන්ත අන්තෝනි විදුහලේ ජනුක රත්නායක ලකුණු 72 ක් රැස්කළ අතර එම විදුහලේම අංජන වීරසේකර සහ දිමාෂ් විදුදය කඩුලු 3 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 97
(පී. සේනමුතන් 23, ආර්. අන්සන්ත් 21, අංජන වීරසේකර 15/3, දිමාෂ් විදුදය 18/3, ෂෙවාන් වඩුගේ 12/2, චාරුක ඒකනායක 12/2)
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 3 ක් දැවී 158
(ජනුක රත්නායක 72, ඉනුක පසඳුල් නොදැවී 29, අංජන වීරසේකර 26)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.