Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

ශාන්ත අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ මාතර රාහුල විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ කෙවන් වඩුගේ සහ විතේන් ඊබට් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


රාහුල විදුහල් පළමු ඉනිම - ඕවර 70 කදී සියලු දෙනා දැවී 142
(දිල්මිත් ලක්සරණ 23, ගිවිඳු මනම්පේරි 23, සසිඳු දුල්මල් 22, ජනිඳු විජේවර්ධන 21, කෙවන් වඩුගේ 21/3, විතේන් ඊබට් 37/3)

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 28 කදී කඩුලු 6 ක් දැවී 149
(කෙවන් වඩුගේ 42, ජනුක රත්නායක 33, චන්රුක ඒකානායක නොදැවී 29, ඉනුක පසඳුල් 24, සදෙව් රද්මික 19/2)

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.