Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වේල්ස් කුමරුවෝ පළමු ඉනිමේ ජයක් ලබති

වේල්ස් කුමරුවෝ පළමු ඉනිමේ ජයක් ලබති

editorial - 2019 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ වේල්ස් කුමර විදුහලේ දිනුර ප්‍රනාන්දු (71) සහ පසිඳු පැතුම් (54) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම රවිඳු ජනිත් ලකුණු 91 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 81.1 කදී සියලු දෙනා දැවී 253  
(දිනුර ප්‍රනාන්දු 71, පසිඳු පැතුම් 54, අෂාන් ප්‍රනාන්දු 34, ඔමේෂ් මෙන්ඩිස් 30, රන්දේව් ගුණසේකර 70/4, ශමිල්ක වික්‍රමතිලක 49/2, දිල්මින් රත්නායක 70/2)

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 70.5 කදී සියලු දෙනා දැවී 212  
(උමයංග සුවාරිස් 52, ගවිස් බොතේජු 37, ඩියෝන් ප්‍රනාන්දු 29, රවිඳු ජනිත් 91/5, නදුක ප්‍රනාන්දු 39/2)

වේල්ස් කුමර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 13 කදී කඩුලු 3 ක් දැවී 58
(තරිඳු අමරසිංහ 28)


-036

 


අදහස් (0)

වේල්ස් කුමරුවෝ පළමු ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.