Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ලක්ෂිත රසාංජන ත්‍රිත්ව සම්මාන දිනාගනී

ලක්ෂිත රසාංජන ත්‍රිත්ව සම්මාන දිනාගනී

editorial - 2019 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතළිස් වැනි වතාවටත් පැවැති ‘ඩයලොග්4G - සන්ඬේ ටයිම්ස්’ පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උළෙලේදී 2019 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට කොළඹ නාලන්දා විදුහල් කණ්ඩායමේ නායක ලක්ෂිත රසාංජන මානසිංහ සමත් විය.

කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී ඊයේ (16 වැනිදා) පැවැති සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර මහතා අතින් රසාංජන එම සම්මානය ලබාගත්තේය. වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට අමතරව වසරේ දක්ෂතම පන්දු රකින්නා සම්මානය සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන දෙකටම හිමිකම් කීමටද රසාංජන සමත් විය.
 
එම සම්මාන ත්‍රිත්වය දිනාගැනීමට සඳහා 2018-2019 තරග වාරයේ තරග 19 කදී ලකුණු 1320 ක් රැස්කරමින්, කඩුලු 77 ක් දවාගනිමින් සහ උඩ පන්දු 25 කට වැඩි සංඛ්‍යාවක් රැකගනිමින් ඔහු දැක්වූ දක්ෂතා ඉවහල් විය.

තරඟ 15 කදී කඩුලු 103 ක් දවාගැනීමට සමත් වූ මහනුවර ත්‍රිත්ව විදුහලේ කවිෂ්ක සේනාධීරට වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක අනු ශූරතාව හිමි වූ අතර වසරේ දක්ෂතම පන්දු යවන්නා ලෙසද ඔහු සම්මාන ලැබීය. ඔහුගේ කඩුලු ගොන්නට ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 12 ක්ද, කඩුලු 10 බැගින් දවාගත් තරග 5 ක්ද ඇතුළත් විය. එවර තරඟ වාරයේදී වේගවත්ම කඩුලු 100 ට හිමිවන ඩයලොග්-4ඨ විශේෂ සම්මානයද කවිෂ්ක සතු විය.

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක, වසරේ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානය දිනාගත්තේ තරඟ 15 කදී ලකුණු 1223 ක් රැස්කරමිනි. එවර තරඟ වාරයේදී වේගවත්ම ලකුණු 1000 ට හිමිවන ඩයලොග්-4G විශේෂ සම්මානයද සන්තුෂ්ට හිමිවිය.
 
වසරේ දක්ෂතම කණ්ඩායමට හිමිවන සම්මානය තමන් සතුකර ගැනීමට අපරාජිත ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් වෙද්දී, එම කණ්ඩායම සහභාගි වූ තරග 15 න් 5 ක්ම පූර්ණ ජයග්‍රහණය කරා මෙහෙයවූ සිතාර හපුහින්න වසරේ දක්ෂතම නායකයා ලෙස සම්මාන දිනාගත්තේය. සාන්ත තෝමස් විදුහල වසරේ හොඳම කණ්ඩායම ලෙසින් සම්මාන දිනාගත්තේ පිට පිටම දෙවැනි වතාවටයි.

තරඟ 15 කදී ලකුණු 1293 ක් රැස්කරමින් සහ කඩුලු 90 ක් දවාගනිමින් දස්කම් දැක්වූ කරන්දෙණිය මධ්‍ය විදුහලේ සමිත් ඉසුරු, දෙවැනි පෙළ පාසල් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. එහි අනු ශූරතාවට හිමිකම් කියනු ලැබුවේ තරඟ 15 කදී ලකුණු 1038 ක් රැස්කරමින් උඩ පන්දු 47 ක් රැකගත් පිළියන්දල මධ්‍ය විදුහලේ චමෝද් සඳරු විසිනි. මහනුවර ශාන්ත අන්තෝනි විදුහල වසරේ හොඳම දෙවැනි පෙළ කණ්ඩායම ලෙස සම්මාන හිමිකර ගත්තේය.
 
බාලිකා පාසල් කාණ්ඩයේ හොඳම කණ්ඩායම ලෙස රත්ගම දේවපතිරාජ විදුහල සම්මාන දිනාගනිද්දී, එම කාණ්ඩයේ නැගීඑන ක්‍රීඩිකාව ලෙස නුගේගොඩ අනුලා විදුහලේ ජනධි අනාලි සම්මාන දිනාගත්තාය.

විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද පළවූ කුපන් පත් මගින් තෝරාගන්නා ලද වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සම්මාන දිනාගත්තේය. බලංගොඩ ආනන්ද මෛත්‍රීය විදුහලේ ලිතිජ කල්හාර නැගීඑන පාසල් කාණ්ඩයේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසත්, රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී බාලිකා කාණ්ඩයේ ජනප්‍රියම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන ලැබූහ.

හිටපු ටෙස්ට් ක්‍රීඩක රංගන හේරත් මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වූ අතර සම්මාන ප්‍රදානෝත්සවයේ සංවිධායකවරුන් වන සීමාසහිත විජය පුවත් පත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන, විජය පුවත් පත් සමාගමේ සන්නාම සහ ප්‍රවර්ධන අතිරේක සාමාන්‍යධිකාරී සුජිත් පතිරැන්නැහේ, ද සන්ඬේ ටයිම්ස් පුවත් පතේ ක්‍රීඩා සංස්කාරක චම්පික ප්‍රනාන්දු, ඩයලොග් ආසියාටා සමගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ඩයලොග් ආසියාටා සමාගමේ අධිවේගී අන්තර්ජාල සේවා සහ පෙර ගෙවුම් සේවා සාමාන්‍යාධිකාරී තිසර කස්තුරිආරච්චි යන මහත්වරුන් මෙන්ම ඩයලොග් 4ඨ - සන්ඬේ ටයිම්ස් 2018 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ කමිඳු මෙන්ඩිස්ද ආරාධිතයන් ලෙස මෙවර සම්මාන උළෙලට සහභාගි වූහ.

ප්‍රධාන පාසල් කාණ්ඩය

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා
ශූරතාව - ලක්ෂිත රසාංජන මානසිංහ (කොළඹ නාලන්දා විදුහල)
අනු ශූරතාව - කවිෂ්ක සේනාධීර (මහනුවර ත්‍රිත්ව විදුහල)

දක්ෂතම පිතිකරු
ශූරතාව - සන්තුෂ් ගුණතිලක (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)
අනු ශූරතාව - නිෂාන් මධුෂ්ක ප්‍රනාන්දු (මොරටු විද්‍යාලය)

දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - කවිෂ්ක සේනාධීර (මහනුවර ත්‍රිත්ව විදුහල)
අනු ශූරතාව - කළණ පෙරේරා (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)

දක්ෂතම පන්දු රකින්නා
ශූරතාව - ලක්ෂිත රසාංජන මානසිංහ (කොළඹ නාලන්දා විදුහල)
අනු ශූරතාව - අමිත ධනංජය දාබරේ (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල)

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
ශූරතාව - ලක්ෂිත රසාංජන මානසිංහ (කොළඹ නාලන්දා විදුහල)
අනු ශූරතාව - මොහොමඞ් ඉමිටියාස් ස්ලාසා (මරදාන සහිරා විදුහල)

දක්ෂතම කඩුලු රකින්නා
ශූරතාව - ෂැනන් ප්‍රනාන්දු (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)
අනු ශූරතාව - තනුෂ්ක දිල්හාර පොල්ගම්පොළ (කොළඹ නාලන්දා විදුහල)

හොඳම කණ්ඩායම
ශූරතාව - ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල
අනු ශූරතාව - කොළඹ නාලන්දා විදුහල

හොඳම නායකයා
ශූරතාව - සිතාර හපුහින්න (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)

දෙවැනි පෙළ පාසල් කාණ්ඩය

වසරේ නැගී එන පාසල් ක්‍රීඩකයා
ශූරතාව - සමිත් ඉසුරු (කරන්දෙණිය මධ්‍ය විදුහල)
අනු ශූරතාව - චමෝද් සඳරු (පිළියන්දල මධ්‍ය විදුහල)

දක්ෂතම පිතිකරු
ශූරතාව - සොහාන් ද ලිවේරා (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල)
අනු ශූරතාව - චමෝද් සඳරු (පිළියන්දල මධ්‍ය විදුහල)

දක්ෂතම පන්දු යවන්නා
ශූරතාව - නිම්නක ජයතිලක (මහනුවර ශාන්ත අන්තෝනි විදුහල)
අනු ශූරතාව - රවිදු මධුෂංක (කරන්දෙණිය මධ්‍ය විදුහල)

දක්ෂතම පන්දු රකින්නා
ශූරතාව - චමෝද් සඳරු (පිළියන්දල මධ්‍ය විදුහල)
අනු ශූරතාව - ඉෂාර මධුවන්ත (කරන්දෙණිය මධ්‍ය විදුහල)

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
ශූරතාව - සමිත් ඉසුරු (කරන්දෙණිය මධ්‍ය විදුහල)
අනු ශූරතාව - හේෂාන් මධුෂංක (පිළියන්දල මධ්‍ය විදුහල)

දක්ෂතම කඩුළු රකින්නා
ශූරතාව - ජනෙත් කෞෂාල් (කරන්දෙණිය මධ්‍ය විදුහල)
අනු ශූරතාව - රවිෂාන් පෙරේරා (කළුතර සිරිකුරුස විදුහල)

හොඳම දෙවැනි පෙළ කණ්ඩායම
ශූරතාව - මහනුවර ශාන්ත අන්තෝනි විදුහල
අනු ශූරතාව - පිළියන්දල මධ්‍ය විදුහල

නැගීඑන පාසල් කාණ්ඩය

දක්ෂතම පිතිකරු
ශූරතාව - කළණ මධුෂංක (අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විදුහල)
අනු ශූරතාව - විරාජ් හේමන්ත (නුගවෙල මධ්‍ය විදුහල)

හොදම පන්දු යවන්නා
ශූරතාව - නදීර ඉෂාන් (ගාල්ල විද්‍යාලෝක විදුහල)
අනු ශූරතාව - කවිඳු මධුරංග (මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විදුහල)

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
ශූරතාව - සඳරුවන් චින්තක (ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය විදුහල)
අනු ශූරතාව - නිසල් මාලිංග (ජා ඇල ක්‍රිස්තුරාජ විදුහල)

නැගීඑන ප්‍රාදේශීය කණ්ඩායම්

බස්නාහිර පළාත්
ශූරතාව - ජා ඇල ක්‍රිස්තුරාජ විදුහල

දකුණු පළාත්
ශූරතාව - ගාල්ල විද්‍යාලෝක විදුහල

මධ්‍යම පළාත්
ශූරතාව - කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල

වයඹ පළාත්
ශූරතාව - මලියදේව ආදර්ශ විදුහල කුරුණෑගල

බාලිකා පාසල්
නැගීඑන ක්‍රීඩිකාව

ශූරතාව - ජනධි අනාලි (නුගේගොඩ අනුලා විදුහල)

හොඳම කණ්ඩායම
ශූරතාව - රත්ගම දේවපතිරාජ විදුහල
අනු ශූරතාව - ගම්පහ රත්නාවලී බාලිකා විදුහල

ඩයලොග්-4G විශේෂ සම්මාන

වේගවත්ම ලකුණු 1000
සන්තුෂ් ගුණතිලක (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)

වේගවත්ම කඩුලු 100
කවිෂ්ක සේනාධීර (මහනුවර ත්‍රිත්ව විදුහල)

ඉනිමකදී කඩුලු 10
නදීර ඉෂාන් (ගාල්ල විද්‍යාලෝක විදුහල)

ජනප්‍රියම ක්‍රීඩක සම්මාන
 
ප්‍රධාන පාසල් කාණ්ඩය
ශූරතාව - නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විදුහල)
අනු ශූරතාව - පසිඳු උස්හෙට්ටි (මීගමුව මාරිස්ටෙලා විදුහල)
තෙවැනි ස්ථානය - මුයීස් රෆීල් (කුරුණෑගල ශාන්ත ආනා විදුහල)

නැගීඑන පාසල් කාණ්ඩය

ශූරතාව - ලිතිජ කල්හාර (බලංගොඩ ආනන්ද මෛත්‍රීය විදුහල)
අනු ශූරතාව - විශාල් රුක්ෂාන් (ගම්පහ ශාන්ත පීතර විදුහල)
තෙවැනි ස්ථානය - තනූෂ සඳරුවන් (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල)

බාලිකා කාණ්ඩය
ශූරතාව - සත්‍යා සංදීපනී (රත්ගම දේවපතිරාජ විදුහල)
අනු ශූරතාව - කවීෂා දිල්හාරි (රත්ගම දේවපතිරාජ විදුහල)

- 036


අදහස් (0)

ලක්ෂිත රසාංජන ත්‍රිත්ව සම්මාන දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.