Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රාජකීය ‘බී’ පිල මුල් ඉනිමේ ජයක් ලබයි

රාජකීය ‘බී’ පිල මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සහ අකුරණ අසාර් විදුහල අතර රාජකීය විදුහල් කනිෂ්ඨ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමේ ෂෙහාන් පෙරේරා ලකුණු 67 ක් රැස්කරමින් ලකුණු 30 කට කඩුලු 2 ක්ද දවාගත්තේය.


රාජකීය විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 54.3 කදී සියලු දෙනා දැවී 165
(ෂෙහාන් පෙරේරා 67, එම්. නවනිදන් 35, එම්. අමාර් 44/5, එම්. අධාන් 35/2)

අසාර් විදුහල් පළමු ඉනිම - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 89
(ආර්.එම්. රායිද් 22, දිනුක ප්‍රේමවර්ධන 20/3, ෂෙහාන් පෙරේරා 30/2)

රාජකීය විදුහල් ‘බී’ පිලේ දෙවැනි ඉනිම - ඕවර 3 කදී කිසිවකු නොදැවී 26

 

-036

 


අදහස් (0)

රාජකීය ‘බී’ පිල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.