Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School බණ්ඩාරනායක විදුහලට මුල් ඉනිමේ ජයක්

බණ්ඩාරනායක විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල අතර බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට බණ්ඩාරනායක විදුහල සමත් විය.

එහිදී දුලාන් රණසිංහ (60) බණ්ඩාරනායක විදුහල වෙනුවෙන්ද, ඩී. කුමාරසිරි (නොදැවී 59) මලියදේව ආදර්ශ විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර බණ්ඩාරනායක විදුහලේ නෙතිඳු විජේවර්ධන ලකුණු 62 කට කඩුලු 4 ක් දවාගත්තේය.


බණ්ඩාරනායක විදුහල් පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 6 ක් දැවී 255
(දුලාන් රණසිංහ 60, අෂේන් වික්‍රමසිංහ 48, දිනුජය හෙට්ටිආරච්චි 44, නෙතිඳු විජේවර්ධන 20, අයි. විමලදාස 61/3, එස්. මෙන්ඩිස් 76/2)

මලියදේව ආදර්ශ විදුහල්  පළමු ඉනිම - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 199
(ඩී. කුමාරසිරි නොදැවී 59, එල්. ජයසිංහ 46, නෙතිඳු විජේවර්ධන 62/4, දිනුජය හෙට්ටිආරච්චි 40/2, අෂේන් වික්‍රමසිංහ 48/2)

බණ්ඩාරනායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 23 කදී කඩුලු 6 ක් දැවී 168
(කුසල් කරුණාරත්න 46, දිනුජය හෙට්ටිආරච්චි 42, නිපුන ජයකොඩි 20, පී. සරච්චන්ද්‍ර 13/2)


-036

 


අදහස් (0)

බණ්ඩාරනායක විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.