Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ත්‍රිත්ව විදුහල ලකුණු 41 ක ජයක් ලබයි

ත්‍රිත්ව විදුහල ලකුණු 41 ක ජයක් ලබයි

editorial - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 41 ක ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී ත්‍රිත්ව විදුහලේ අභිෂේක් ආනන්දකුමාර් (65) සහ උමේර් රෙෂාන් (53) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම සෙනුක ඉලුක්කුඹුර ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ත්‍රිත්ව විදුහල - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 184
(අභිෂේක් ආනන්දකුමාර් 65, උමේර් රෙෂාන් 53, තෙවින් අමරසිංහ 23, නදීෂාන් චමෝද්‍ය 47/4, චමත් චමුපති 44/2)

මහානාම විදුහල - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 137
(විනුක රූබසිංහ නොදැවී 50, සචිර වැලිවත්ත 29, පුල්ෂාන් රෝහණ 26, සෙනුක ඉලුක්කුඹුර 21/4, අභිෂේක් ආනන්දකුමාර 32/2)

-036

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහල ලකුණු 41 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.