Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වේල්ස් කුමරුවෝ ඉනිමක ජයක් ලබති

වේල්ස් කුමරුවෝ ඉනිමක ජයක් ලබති

editorial - 2019 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොට්ටාව ධර්මපාල විදුහල අතර වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 57 ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය. 

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දක්සම් දැක්වූ වේල්ස් කුමර විදුහලේ අචල පෙරේරා ලකුණු 71 ක් රැස්කරමින්, ලකුණු 22 කට කඩුලු 7 ක් දවාගැනීමටද සමත් විය. 

වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 37.1 කදී කඩුලු 5 ක් දැවී 199 
(අචල පෙරේරා 71, සුමල්ක ප්‍රනාන්දු 28, චතුර වගීෂ 17/2) 

ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 37.3 කදී සියලු දෙනා දැවී 94 
(තෙනුක දේවප්‍රිය 30, අචල පෙරේරා 22/7, මෙසිත් සිල්වා, 24/3) 

ධර්මපාල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 25.5 කදී සියලු දෙනා දැවී 48 
(ඒ. පතිනායක 18, විසුක මාලිංග 12/6, සුමල්ක ප්‍රනාන්දු 01/3) 

 


අදහස් (0)

වේල්ස් කුමරුවෝ ඉනිමක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.