Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches සුමංගල විදුහල එක්දින තරගය ජයගනී

සුමංගල විදුහල එක්දින තරගය ජයගනී

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැළණිය ශ්‍රී සුමංගල විදුහල සහ කැළණිය ජනාධිපති විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති වාර්ෂික එක්දින තරගයෙන් ලකුණු 113 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 186 ක ඉලක්කයක් හඹාගිය ජනාධිපති විදුහලට ශ්‍රී සුමංගල විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 29.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 72 ක් පමණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී සුමංගල විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 185 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ කවිඳු දිනේෂ් ලකුණු 61 ක් රැස්කළේය.


ශ්‍රී සුමංගල විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 185
(කවිඳු දිනේෂ් 61, තිසර සමුදිත 29/4)

ජනාධිපති විදුහල - ඕවර 29.2 කදී සියලු දෙනා දැවී 72


-036

 


අදහස් (0)

සුමංගල විදුහල එක්දින තරගය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.