Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches රයිගම් - පස්දුන් කෝරළ ගැටුම 5-6

රයිගම් - පස්දුන් කෝරළ ගැටුම 5-6

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලය අතර තුන්වැනි වරට පැවැත්වෙන රයිගම් පස්දුන් ගැටුම මහා ක්‍රිකට් තරගය මේ මස 05 සහ 06 දිනවලදී මතුගම මහජන ක්‍රීඩාපිටියේදී පැවැත්වේ.

2017 වසරේ ආරම්භ වූ මෙම මහා ක්‍රිකට් තරගයේ පසුගිය තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර මෙවර පැවැත්වෙන තුන්වන මහා තරගයේදී මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල් කණ්ඩායම කවිඳු දෙව්මිණ විසින් ද හොරණ ශ්‍රීපාලි විදුහල් කණ්ඩායම ඉසුරු පැතුම් විසින් ද මෙහෙයවනු ලබති.

මතුගම කන්නන්ගර විදුහල මෙවර අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තුන්වන කාණ්ඩයේ තරග 09කට සහභාගිවී පයාගල පොතුවිල විදුහල, කළුතර වේලාපුර විදුහල, ගාල්ල විද්‍යාලෝක විදුහල සහ මට්ටක්කුලිය දිලාසාල් විදුහල යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබාගෙන ඇති අතර මතුගම ආනන්ද ශාස්ත්‍රාලය, පානදුර මහානාම විද්‍යාලය සහ කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ ලබාගෙන දස්කම් දක්වා තිබේ.

නායක කවිඳු දෙව්මිණ මෙවර තරගාවලියේ තරග නවයකට සහභාගිවී ශතකයක් හා අර්ධ ශතක 04ක් සමග ලකුණු 550 ඉක්මවා ඇති අතර කණ්ඩායමේ උප නායක නිෂාත් චමුදිත තරග නවයකදී ලකුණු 250 ඉක්මවා කඩුලු 50ක්ද දවාගෙන තිබේ. ලසිඳු ෂෙහාන් ශතකයක් සමග ලකුණු 375ක් රැස් කරමින් කඩුලු 45ක්ද දවාගෙන තිබේ.

හොරණ ශ්‍රීපාලි විදුහල මෙවර අන්තර් පාසල් තරගාවලියේ තුන්වැනි කොටසින් තරග හයකට සහභාගි වී කොටුගොඩ පඤ්ඤානන්ද විදුහලට එරෙහිව පූර්ණ ජයග්‍රහණයක් ද කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක්ද ලබාගෙන තිබේ.

නායක සුරේෂ් කෞෂාන් මෙවර අර්ධ ශතකයක් සමග ලකුණු 340ක් රැස්කර තිබේ. ඊට අමතරව වමතින් පා දඟ පන්දු යවන දිනුක අනුපමාල් තරග හයකදී කඩුලු 54ක් දවාගෙන ඇති අතර නායක ඉසුරු පැතුම් සහ සයුර සඳුන් කණ්ඩායමේ සිටින සෙසු ප්‍රබලයෝ වෙති.

 

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල් කණ්ඩායම
ඉදිරිපෙළ වමේ සිට - විශ්ම නයන්තර, සමන් අමුගොඩ මහතා (පුහුණුකරු), චානක ඉහලහේවා මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), කවිඳු දෙව්මිණ (නායක), සුසන්ත වීරසිංහ මහතා (විදුහල්පති), නිශාත් චමුදිත (උපනායක), හේමන්ත ගුණරත්න මහතා (නියෝජ්‍ය විදුහල්පති) සහ ලසිඳු ෂෙහාන්
මැදපෙළ - උෂාන් මහීපාල, දිනුල් සමුදිත, චමෝද් දිල්ශාන්, කවිශ් අකලංක, උවිඳු හර්ෂික, රුමේෂ් මදුෂ සහ සකුන් විකසිත
පසුපෙළ- සඳරු මනුමල්, මයන්ත ප්‍රමෝද්, මනුජ ෂෙහාන්, ගිහාන් තෂින්ත, නිවන්ත සමරසිංහ සහ මිශාන් මදුෂංක

හොරණ ශ්‍රීපාලි විදුහල් කණ්ඩායම
ඉදිරිපෙළ වමේ සිට - ඉසිර සුධාරක, සුරේෂ් කෞෂාන් (උපනායක), සමීරා සකුන්තලා මහත්මිය (ක්‍රිකට් භාර ආචාර්ය), සුසිරි කිදෙල්පිටිය මහතා (පුහුණුකරු), රෝහිත හපුතන්ත්‍රි මහතා (නියෝජ්‍ය විදුහල්පති), එම්.බී. ජයසිරි මහතා (විදුහල්පති), සරත් මුනිදාස මහතා (සහකාර විදුහල්පති), තරන්දු දනන්ජය මහතා (පුහුණුකරු), ලහිරු තිවංක මහතා (පුහුණුකරු), ඉසුරු පැතුම් (නායක), තිමිර රණසිංහ සහ සයුර සඳුන්
පසුපෙළ - දුලාර රන්සිඳු, දුමිඳු ලක්ෂාන්, දිනුක අනුපමාල්, අංජන ඩිල්ශාන්, රිෂාන් කවිෂ්ක, සුපුන් නිමන්ත, චමත් චමුපති, කවිඳු හිමංස, සඳරු තනුසර, තාරක නුවන්, තරිඳු තිලංග, සංගීත් සංකල්ප, තරිඳු ඩිල්ශාන්, අශේන් තිසිර සහ ජනිත් ධනංජය


අදහස් (0)

රයිගම් - පස්දුන් කෝරළ ගැටුම 5-6

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.