Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය (2019) අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට හැව්ලොක්ස් පිල අද (17) සමත් විය.
ලීග් අනු ශූරයන් වන හැව්ලොක්ස් පිල කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද පස්වරුවේ පැවැති තරගයේදී ලකුණු 48-19 කින් නාවික හමුදා පිල පරාජය කළේය.
හැව්ලොක්ස් ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 36-0 ක් ලෙස සම්පූර්ණ පාලනයට නතු කරගැනීමට සමත්ව සිටියහ.
හැව්ලොක්ස් පිලට මිතුන් හපුගොඩ උත්සාහක දිනුම් දෙකක් ද, තීක්‍ෂණ දසනායක, උමේෂ් මධුෂාන් සහ චාමර දාබරේ උත්සාහක දිනුම බැගින් ද, එකතු කිරීමට සමත් වූහ.
රීසා මුබාරක් ගෝල ප්‍රවර්ථන පහක් සහ දඩුවම් පහරක් සාර්ථක කරමින් හැව්ලොක්ස් පිලට අතිරේක ලකුණු එකතු කළේය.
නාවික හමුදා පිලට කසුන් ද සිල්වා උත්සාහක දිනුම සම්පූර්ණ කළ අතර චතුර සෙනෙවිරත්න එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය.
පළමු අවසන් පූර්ව තරගය පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර මේ මස 19 වැනිදා ද, දෙවැනි අවසන් පූර්ව තරගය මේ මස 21 වැනිදා ද, කොළඹ පැරණි තුරඟ තරග පිටියේ පැවැත්වීමට නියමිතය.
අවසන් මහ තරගය මේ මස 24 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.