Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. 29-24 කින් පොලිසිය පරදවයි

සී.එච්. 29-24 කින් පොලිසිය පරදවයි

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හත්වැනි සහ අවසන් සතිය යටතේ සී. එච්. පිල සහ පොලිස් පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී ඊයේ (23) පැවැති තරගයෙන් සී. එච්. පිල ලකුණු 29-24 ක ජයක් ලැබීය.

මෙය සී. එච්. පිල ලැබූ තෙවැනි ජයග්‍රහණය වන අතර සී. එච්. පිල අතිරේක ප්‍රසාද ලකුණු ද හිමිකරගැනීම නිසා ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පැමිණීමේ අවස්ථාව හිමිවේ.  

ජයග්‍රාහි සී. එච්. පිල ගෝල තුනකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. පොලිස් පිලට ගෝල තුනික්න සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට සී. එච්. පිල ලකුණු 24-10 ක් ලෙස පෙරමුණේ පසුවිය.

සී. එච්. පිලට නායක යෝෂිත රාජපක්‍ෂ, ජේසන් මුල්ටර් සහ නවීන් හේනකන්කානම්ගේ උත්සාහක දිනුම් එකතු කළ අතර සැමුවෙල් මධුවන්ත ගෝල ප්‍රවර්ථන සහ දඩුවම් පහර සාර්ථක කළේය.

- 048


අදහස් (0)

සී.එච්. 29-24 කින් පොලිසිය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.