Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී. එච්. ක්‍රීඩකයෝ 33-12 කින් සී. ආර්. පරදවති

සී. එච්. ක්‍රීඩකයෝ 33-12 කින් සී. ආර්. පරදවති

රොෂාන් ගුණරත්න - 2019 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සතිය යටතේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (12) පස්වරුවේ පැවැති තරගයේදී සී. එච්. ඇන්ඞ් එෆ්. සී. ක්‍රීඩකයෝ ලකුණු 33-12 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ. 


මෙය සී. එච්. පිල මෙවර තරගාවලියේ ලැබූ පස්වැනි ජය වන අතර සී. එච්. පිල මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණියේය. සී. ආර්. පිල පළමු වටයේ සිට තෙවැනි ස්ථානයේ පසු වූවද මෙම පරාජයත් සමඟ සිවුවැනි ස්ථානයට ඇඳ වැටුණි. 


සී. එච්. පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 16-5 ක් ලෙස ලකුණු 11 කින් ඉදිරියෙන් සිටියේය. 


රීසා රෆයිඩීන් පළමු අර්ධයේ 22 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු 5-0 ක් ලෙස සී. ආර්. පිල ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. සී. එච්. පිලට 28 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර සැමුවෙල් මධුවන්ත සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 5-3 ක් බවට පත්විය.


නිවංක ප්‍රසාද් මිනිත්තු හතරක් තුළ උත්සාහක දිනුම් දෙකක් එකතු කිරීමෙන් 36 වැනි මිනිත්තුව වන විට සී. එච්. පිල ලකුණු 13-5 ක් ලෙස තරගයේ පාලනය නතු කරගැනීමට සමත්ව සිටියේය. සැමුවෙල් මධුවන්ත පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරත් සමගින් ලකුණු පුවරුව 16-5 ක් බවට පත්විය. 


දෙවැනි අර්ධයේ 16 වැනි මිනිත්තුවේදී නිෂෝ පෙරේරා ගෝල කණු අතර තැබූ පන්දුවට සැමුවෙල් මධුවන්ත අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ සී. එච්. පිල ලකුණු 23-5 ක් ලෙස තව දුරටත් ශක්තිමත් විය. 


සී. එච්. පිලට අනුරාධ හේරත් 21 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම සැමුවෙල් මධුවන්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 30-5 ක් බවට පත්විය. 


සැමුවෙල් මධුවන්ත 26 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරත් සමගින් සී. එච්. පිලේ ලකුණු සංඛ්‍යාව 33 ක් බවට පත්විය. 


තරගය අවසන් වීමට මිනිත්තු තුනක් පමණ තිබියදී සී. ආර්. පිලට රෙහාන් සිල්වා එකතු කළ උත්සාහක දිනුම තරින්ද රත්වත්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය. ඒ අනුව අවසන් ලකුණු තත්ත්වය 33-12 ක් බවට පත්විය.


සී. එච්. පිලේ නිත්‍ය නායක යෝෂිත රාජපක්‍ෂ තුවාල ලබා සිටීම නිසා මෙම තරගයට ද ක්‍රීඩා නොකළ අතර නායකයා ලෙස රෝහිත රාජපක්‍ෂ කටයුතු කළේය. යෝෂිතගේ ස්ථානයට ශ්‍රී ලංකා සම්භවයක් ඇති ඕස්ටේ්‍රලියානු ජාතික ඇඩම් ගවුඩර් මෙම තරගයේදී ද ක්‍රීඩා කළේය.   


ඡායාරූපය : ළහිරු හර්ෂණ

 


අදහස් (0)

සී. එච්. ක්‍රීඩකයෝ 33-12 කින් සී. ආර්. පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.