Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී. ආර්. - යුද හමුදා තරගය සමවෙයි

සී. ආර්. - යුද හමුදා තරගය සමවෙයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සහ හත්වැනි සතියේ තරග ආරම්භ කරමින් රත්මලාන ගුවන් හමුදා පිටියේදී අද (21) පස්වරුවේ පැවැති සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ යුද හමුදා පිල අතර තරග ලකුණු 24-24 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

මෙවර තරගාවලියේ සම තත්ත්වයෙන් අවසන් වූ එකම තරගය මෙය වේ.

සී. ආර්. පිල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු ලැබීය. යුද හමුදා පිල ගෝල තුනකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කළේය.  

යුද හමුදා පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-12 ක් ලෙස පෙරමුණේ පසුවුවද සී. ආර්. පිල දෙවැනි අර්ධයේදී මිනිත්තු දෙකක් තුළ ලකුණු 12 ක් රැස්කිරීම ග්‍රහණය අතහැරුණි.  

පළමු අර්ධයේ තුන්වැනි මිනිතත්ුවේදී සී. ආර්. පිලට ඔමල්ක ගුණරත්න සම්පූර්ණ කළ උත්සාහක දිනුමට තරින්ද රත්වත්තේ අතරේක ලකුණු දෙක එකතු කිරීමත් සමඟ ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ ගෞරවය සී. ආර්. පිලට හිමිවිය.

හරිත් බණ්ඩාර 19 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමත් සමඟ සී. ආර්. පිල ලකුණු 12-0 ක් ලෙස ශක්තිමත් විය.

යුද හමුදා පිලට 29 වැනි මිනිත්තුවේදී සුදාරක දික්කුඹුර එකතු කළ උත්සාහක දිනුම ගයාන් සාලින්ද ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරු 12-7 ක් බවට පත්විය.

නලීන් ප්‍රේමරත්න 38 වැනි මිනිත්තුවේදී යුද හමුදා පිලට උත්සාහක දිනුමක් එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 12-12 ක් ලෙස සම වූ අතර ගායාන් සාලින්ද එයට අතිරේක ලකුණු මුසුකිරීමත් සමඟ යුද හමුදා පිල ලකුණු 14-12 ක් ලෙස පළමු වරට පෙරමුණට පැමිණියේය.

යුද හමුදා පිලට දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර අවස්ථාව ගයාන් සාලින්ද සාර්ථක කිරීමත් සමඟ ලකුණු 17-12 ක් ලෙස යුද හමුදාව ලකුණු පහක් ඉදිරියට පැමිණියේය.

අශෝක ජයලාල් දෙවැනි අර්ධයේ 13 වැනි මිනිත්තුවේදී යුද හමුදා පිලට තවත් උත්සාහක දිනුමක් එකතු කළේය. ගයාන් සාලින්ද එහි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 24-12 ක් බවට පත්විය.
 
දෙවැනි අර්ධයේ 27 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු දෙකක් තුළදී සී. ආර්. පිල ලකුණු 12 ක් රැස්කිරීමෙන් ලකුණු 24-24 ක් ලෙස සම විය. එහිදී 27 වැනි මිනිත්තුවේදී වජීඞ් ෆව්‍රමි ද, 29 වැනි මිනිත්තුවේදී දුලංජන විජේසිංහ ද, උත්සාහක දිනුම බැගින් එකතු කළහ. තරින්ද රත්වත්තේ ගෝල ප්‍රවර්ථනයක් සාර්ථක කළේය.

දෙපිලම තරගයේ අවසන් මිනිත්තු 11 තුළදී ලකුණු රැස්කිරීමට අපොහොසත් විය.  

 


අදහස් (0)

සී. ආර්. - යුද හමුදා තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.