Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සනත් මාටිස්ට තහනමක්

සනත් මාටිස්ට තහනමක්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණය අවසන් වන තෙක් එම විදුහලේ රග්බි පුහුණුකරු සනත් මාටිස් මහතාට රග්බි ක්‍රීඩාවේ කිසිදු කාර්යයකට සහභාගි වියනොහැකි ලෙස තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව පාසල් සංගමය මේ දක්වා ගත් පියවර පිළිබඳව වාර්තාවක් කැඳවීමට ද තීරණය කර තිබේ.  

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රග්බි පුහුණුකරුවකු සහ පුහුණුකරුවන්ගේ උපදේශකයකු ද වන සනත් මාටිස් මහතා පාසල් රග්බි ක්‍රීඩකයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යාම හේතුවෙන් ඔහුට මෙම තහනම පැනවී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි සංගමය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
 

- 048

 


අදහස් (0)

සනත් මාටිස්ට තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.