Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby විද්‍යාර්ථයට තියුණු ජයක්

විද්‍යාර්ථයට තියුණු ජයක්

editorial - 2019 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (ෂේන් සෙනෙවිරත්න)
සිංගර් කුසලාන අන්තර් පාඨශාලීය වයස අවුරුදු 20 න් පහළරග්බි තරගාවලියේ පළඟ ශූරතාව පැවැති ඉතාමත් තීරණාත්මක තරගයක් වූ  විද්‍යාර්ථ විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර තරගයෙන්ලකුණු 22 - 19 ක ජයක් වාර්තා කිරීමට විද්‍යාර්ථ විදුහල සමත් විය. මෙම තරගය ඊයේ (14) නිත්තවෙලදී පැවැත්විණි.

ජයග්‍රහි විද්‍යාර්ථ විදුහල ගෝල දිනුම් දෙකක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මඟින් දකුණු රැස් කළේය.  ශාන්ත අන්තෝනි විදුහල ගෝල දිනුම් දෙකක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස් කළේය. ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 14 – 12 ක් වශයෙන් ශාන්ත අන්තෝනි පිල ඉදිරියෙන් විය.

තරඟ විනිසුරු ගිහාන් යටවර මහතාගේ ප්‍රථම නළා හඬින් තරගය ආරම්භ  වී 14 වැනි විනාඩියේදී ශාන්ත අන්තෝනි විදුහලේ ශෂික විජයවර්ධන විසින් ප්‍රතිවාදී ගෝල කණු ආසන්නයේ ම උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. දිනූෂ ඒකනායක එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේය. ඉන් විනාඩියකට පසු විද්‍යාර්ථ පිල වෙනුවෙන් මීටර 20 සීමාවේ සිට දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට චිරන්ත කළුආරච්චි සමත් විය.

තරඟයේ 30 වැනි විනාඩියේදී විද්‍යාර්ථ පිලේ දිල්සර කෝදාගොඩ පන්දුව සුරතට ගෙන මීටර් 75 ක් පමණ තනිව දිව ගොස් ගෝල කණු ආසන්නයේම උත්සාහක දිනුමක් තැබීය. එහි ප්‍රවර්තනය ද චිරන්ත කළුආරච්චි විසින් සාර්ථක කර ගන්නා ලදී.

දෙවැනි අර්ධය නිමා වීමට මොහොතක් තිබියදී ශාන්ත අන්තෝනි පිලේ කවිශ්ක ජයසූරිය උත්සාහක දිනුමක් තැබූ  කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 14 –12 ක්වශයෙන් අන්තෝනි පිල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භවී දෙවැනි  විනාඩියේදී විද්‍යාර්ථ පිලේ රුක්ෂාන් වීරසිංහ විසින් උත්සාහක දිනුමක් වාර්තා කරන ලද නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. 28 වන විනාඩියේදී අන්තෝනි පිලේ ශෂික විජේවර්ධනවිසින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය දිනූෂ ඒකනායක විසින් සාර්ථක කර ගන්නා ලදී.

ඒ වන විට තරගය නිමා වීමට විනාඩි කිහිපයක් ඉතිරිව තිබූ  බැවින්දෙපිලේම ක්‍රීඩකයන් ඉතාමත් උණුසුම් ආකාරයට තරගයට ප්‍රවිෂ්ට වී සිටින ආකාරය දැක ගත හැකි විය. කෙසේ නමුත් තරගය නිමා වීමට විනාඩියක් පමණ තිබියදී ප්‍රතිවාදී ලකුණු සීමාව ආක්‍රමණය කිරීමටවිද්‍යාර්ථ පිලේ නිමාෂ සෙව්වන්ද  සමත් වූ අතර එහි ප්‍රවර්ථනය ද චිරන්ත කළුආරච්චි විසින් සාර්ථක කර ගන්නා ලදී.

තරගය අවසන් නලා හඬ නිකුත් වන විටලකුණු 22 –19 ක ජයක් විද්‍යාර්ථ විදුහල විසින් වාර්තා කර තිබුණි.
 
 


අදහස් (0)

විද්‍යාර්ථයට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.