Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර පිල 10 වැනි ජය ලබයි

මහනුවර පිල 10 වැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ රග්බි තරගාවලියේ මහනුවර පිල සහ නාවික හමුදා පිල අතර නිත්තවෙලදී පැවැති තරගයෙන් මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 63-31 ක පහසු ජයක් ලැබීය. මෙය මහනුවර පිල මෙවර තරගාවලියේ තරග 11 යේදී ලැබූ 10 වැනි ජය මෙය වේ.

මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 28-14 ක් ලෙස පෙරමුණේ පසුවිය.  

මහනුවර පිල මෙහිදී ගෝල අටකින් සහ දඩුවම් පහර ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.

නාවික හමුදා පිලට ගෝල තුනකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු එකතු විය.  

තිළිණ වීරසිංහ උත්සාහක දිනුම් තුනක් ද, ලවන්ග පෙරේරා, විශ්වමිත්‍ර ජයසිංහ, හේෂාන් සිල්වා, ධනුෂ්ක රංජන් සහ ජේසන් දිසානායක උත්සාහක දිනුම බැගින් ද, මහනුවර පිලට සම්පූර්ණ කිරීමට සමත් වූහ. තිළිණ වීරසිංහ ගෝල ප්‍රවර්ථන සාර්ථක කරමින් අතිරේක ලකුණු එකතු කළේය.

අබ්ෂාල් මොහොමඞ් උත්සාහක දිනුම් දෙකක් ද, බුද්ධිම ප්‍රියරත්න, රිචී ධර්මපාල සහ චතුර සෙනෙවිරත්න උත්සාහක දිනුම බැගින් නාවික හමුදා පිලට එකතු කළහ. තිළිණ විරසිංහ ගෝල ප්‍රවර්ථන හතරක සාර්ථක කළේය.


 - 048

 


අදහස් (0)

මහනුවර පිල 10 වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.