Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ සී.එච්. පරදවති

මහනුවර ක්‍රීඩකයෝ සී.එච්. පරදවති

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ ‘සුපිරි’ වටයේ ‘කුසලාන’ ශූරතා දෙවැනි තරගය ලෙස නිත්තවෙලදී අද (24) පැවැති තරගයේදී මහනුවර පිල විසින් ලකුණු 31-13 ක් ලෙසින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කරන ලදි.

සී. එච්. පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 6-3 ක් ලෙස පෙරමුණේ පසුවුවද දෙවැනි අර්ධයේ අවසන් භාගයේදී පෙරමුණට පැමිණියේය.

තරගයේ 18 වැනි මිනිත්තුවේදී සී. එච්. පිලේ සැමුවෙල් මධුවන්ත දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. මධුවන්ත 20 වැනි මිනිත්තුවේදී ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කරමින් සී. එච්. පිල ලකුණු 6-0 ක් ලෙස පෙරමුණට ගත්තේය.

තිළිණ විජේසිංහ 28 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් මහනුවර පිල ඉදිරියෙන් පැවති බිංදුව මකා දැම්මේය.

මහනුවර පිල දෙවැනි අර්ධයේ සිවුවැනි මිනිත්තුවේ සිට 18 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු 14 ක් තුළ ගෝල දෙකක් සම්පූර්ණ කිරීමෙන් ලකුණු 17-6 ක් ලෙස පෙරමුණට පැමිණීම කැපී පෙනුණි.
 
නයිජල් රත්වත්තේ සහ අනුරුද්ධ විල්ලර එහිදී උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කළ අතර තිළිණ විජේසිංහ එම උත්සාහක දිනුම් දෙකම ගෝල බවට ප්‍රවර්ථනය කළේය.

සැමුවෙල් මධුවන්ත 23 වැනි මිනිත්තුවේදී සී. එච්. පිලට උත්සාහක දිනුමක් එකතු කළේය. සැමුවෙල් මධුවන්ත විසින්ම එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කරන ලදී. ඒ අනුව ලකුණු තත්ත්වය 17-13 ක් බවට පත්විය.

ජයිජල් රත්වත්තේ 37 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමත් සමඟ මහනුවර පිලට අවදානමෙන් ගැලවුණි. තිළිණ විජේසිංහ එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 24-13 ක් බවට පත්විය.
තිළිණ විජේසිංහ තරගය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී ගෝලකණු අතර තැබූ පන්දුවට ඔහු විසින්ම අතිරේක ලකුණු එකතු කිරීමෙන් අවසන් ලකුණු තත්ත්වය 31-13 ක් බවට පත්විය.

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ සී.එච්. පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.