Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර 31-26 කින් සී. ආර්. පරදවයි

මහනුවර 31-26 කින් සී. ආර්. පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතිය යටතේ ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (09) පැවැති තරගයේදී මහනුවර පිල ලකුණු 31-26 කින් සත්කාරක සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් විය.

මෙය මහනුවර පිල මෙවර තරගාවලියේ තරග 13 කදී ලැබූ 11 වැනි ජයග්‍රහණය වේ.

මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 28-16 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියහ.

මහනුවර පිල තරගයේ පළමු මිනිත්තු අට තුළදී ගෝල දෙකක් සම්පූර්ණ කරමින් ලකුණු 14-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. අනුරුද්ධ විල්ලර තෙවැනි මිනිත්තුවේදී ද, උචිත ජයසූරිය හත්වැනි මිනිත්තුවේදී ද, සම්පූර්ණ කළ උත්සාහක දිනුම් තිළිණ විජේසිංහ ගෝල බවට ප්‍රවර්ථනය කළේය.

සිවරාජ් ස්ටීපන් 11 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් සී. ආර්. පිලට ලකුණු තුනක් එකතු කළ අතර ඒ අනුව ලකුණු පුවරුව 14-3 ක් බවට පත්විය.

මහනුවර පිලට 14 වැනි මිනිත්තුවේදී රොෂාන් වීරරත්න ද, 23 වැනි මිනිත්තුවේදී ෂෙහාන් පතිරණ ද, උත්සාහක දිනුම් එකතු කළ අතර තිළිණ විජේසිංහ අතිරේක ලකුණු හතර එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 28-3 ක් බවට පත්විය.

සී. ආර්. පිලට 28 වැනි මිනිත්තුවේදී වජීඞ් ෆවුමි සම්පූර්ණ කළ උත්සාහක දිනුම සිවරාජ් ස්ටීපන් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු තත්ත්වය 28-10 ක් බවට පත්විය.

සී. ආර්. පිලට මිනිත්තු නවයක් තුළ ලැබුණු දඩුවම් පහර අවස්ථා තුනම සිවරාජ් ස්ටීපන් සාර්ථක කිරීමෙන් ලකුණු පුවරුව 28-16 ක් බවට පත්විය.

තිළිණ විජේසිංහ දෙවැනි අර්ධයේ අටවැනි මිනිත්තුවේදී මහනුවර පිලට දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව 31-16 ක් බවට පත්කළේය.

ජනිඳු ඩිල්ෂාන් 17 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට එකතු කළ උත්සාහක දිනුමට තරින්ද රත්වත්ත අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 31-26 ක් බවට පත්විය.

ලකුණු පරතරය හතරක් බවට පත්වීමෙන් තරගය උණුසුම් වූ අතර අවසන් මිනිත්තු 22 කදී දෙපිලම ලකුණු රැස්කිරීමට අපොහොසත් විය.  

 


අදහස් (0)

මහනුවර 31-26 කින් සී. ආර්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.