Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පාසල් රග්බි දෙවැනි වටය 31 දා ඇරඹෙයි

පාසල් රග්බි දෙවැනි වටය 31 දා ඇරඹෙයි

editorial - 2019 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර මේ මස 31 වැනිදා පැවැත්වෙන තරගයෙන් සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි (ලීග්) තරගාවලියේ දෙවැනි වටය ආරම්භ වේ. මෙම තරගය එදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

පාස්කු ඉරිදා (අප්‍රේල් 21) දින සිදුවූ අයි.එස්. බෝම්බ ප්‍රහාරයට පසුව රටේ ඇතිවූ අවිනිශ්චිත ආරක්‍ෂක තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරග ඇතුළු දේශීය තරග රැසක් දින නියමයක් නැතිව කල් දමන ලදි. එහෙත් සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ දෙවැනි වටය ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයට අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙන්ම ආරක්‍ෂක අංශයෙන්ද අවසර ලැබී තිබේ. 

මෙම සියලුම තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර 75 වැනි බ්‍රැඞ්බි පළිහ තරග දෙක පමණක් කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී සහ පල්ලෙකැළේ ත්‍රිත්ව විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ. එහි පළමු තරගය ජූනි මස 1 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීද දෙවැනි තරගය 15 වැනිදා කොළඹදීද පැවැත්වේ. 

පාසල් රග්බි ‘පළඟ‘ සහ  ‘බඳුන’ තරගාවලියේ තරග බෝගම්බර පිටියේදී පැවැත්වීමට නියමිතය. 

ලීග් තරගාවලිය නිමා වීමෙන් පසුව පැවැත්වෙන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ජූලි මස 6 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. එහි අවසන් තරගය ජූලි මස 20 වැනිදාට නියම කර තිබේ. 

උසස් පෙළ විභාගයෙන් අනතුරුව සත් සාමාජික තරග ආරම්භ කිරීමට නියමිතය. 20 න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය අගෝස්තුවේදී පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලිය හොං කොංහිදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. 


අදහස් (0)

පාසල් රග්බි දෙවැනි වටය 31 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.